IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කරාපිටිය රෝහලට රෝගීන් බාරගැනීම සීමා කරයි

( සිරංගිකා ලොකුකරවිට)

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට හෙට (23)  සිට රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

මේ පිළිබඳ අප රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා  මහතාගෙන් විමසූ විට කියා සිටියේ ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහලේ කාර්ය මණ්ඩලය පැමිණීම ඉතාමත් අවම මට්ටමකට පත්ව ඇති බවයි. අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදෙන බව පැවසුව ද ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් නොමැති වීමත් සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට පමණක් ඉන්ධන ලබා  දී රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යා නොහැකි බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීවේය.

මේ හේතුවෙන් හෙට (23) සිට රෝහලේ රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇති බවට අදාල අංශ දැනුම්වත් කළ බව ද හෙතෙම පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් කාර්ය භාර වෛද්‍ය නිලධාරීට ලිඛිතව දැනුම් දී ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය යටතේ කාර්ය මණ්ඩල පැමිණීම අවම වී ඇති බැවින් සඳුදා (23) උදෑසන 8.00 න් පසු හදිසි හා අත්‍යාවශ්‍ය ප්‍රතිකාර කටයුතු අවශ්‍ය රෝගීන් හැර සාමාන්‍ය රෝගීන් ඇතුළත් කිරීම සීමා කරන ලෙසයි.

මේ සම්බන්දව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපත් සහිතව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් යවා තිබේ.

එම ලිපිය මගින් රෝහල් අධ්‍යක්ෂවරයා රෝහල් සත්කාරක සේවාව හදිසි සහ ප්‍රමුඛ සේවාවක් ලෙස සළකා රෝහලේ සේවකයන්ගේ ප්‍රවාහන ගැටලු විසඳාගැනීමට රෝහල් කාර්ය මණ්ඩල වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛත්ව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලා ඇත.

පවතින අර්බුදය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය සේවයට පැමිණීම අවම වෙමින් පවතින බැවින් රෝහලට ඇතුළත් කරනු ලබන රෝගීන්ට ප්‍රතිකාර සහ උපස්ථාන කටයුතු සිදුකිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මන්ඩලයක් නොමැතිවීමේ ගැටලුවක් උද්ගත වී ඇති බවද අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

 



අදහස් (0)

කරාපිටිය රෝහලට රෝගීන් බාරගැනීම සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 187 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 395 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site