(අජන්ත කුමාර අගලකඩ)
කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07)රාත්‍රී පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .
කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද එහිදී තීරණය වී ඇත.
කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද ,ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට් මණ්ඩලයට පසුගියදා යෝජනා කර තිබිණි .
වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට එහිදී උපදෙස් දී ඇත .
මේ අතර තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට එහිදී තීරණය වී ඇත
තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස කාබනික පෝර භාවිතය සඳහා අවසර දීමට තීරණය කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි කොළ අච්චු ගැසීමේ ප්‍රතිවිපාක ඔන්න. පඩි හැර හැම එකක්ම වැඩිවෙනවා. මිල පාලනය මුදලාලිලටම දීලා. තේ වතු සමාගම් කාරයන්ට විතරක් රසායනික පොහොර. ගමේ ගොවියාට මහ කන්නයට හුලං. රටේ ආර්ථික මර්මස්ථාන චීනයට ඉන්දියාවට හා ඇමරිකාවට. ඔන්න මේ ගොල්ලන්ගෙ ආර්ථික දැක්ම.
අපේ සර්ගෙ මොළේ තමයි ඉතින්. දැන්නම් සෞභාග්‍යය ඉතිරෙනවා..
බයි ටෝක්ස් හා රචනා ඉදිරියට බලාපොරොත්තුවන්න. බයියෝ පැතූ සෞභාග්‍යයේ දැක්මේ සැප තව තවත් විඳින්න..
තවත් එකක් ආපසු හරවයි
ජය වේවා මේ 69 පැතුමයි
සර් සහ ගෝලයෝ රොත්ත ඉවත් කිරීමට කාලය පැමිණ ඇත..
ඕනෑම රටක් පාලනය කරන්න මොලයක් කියන එක පොඩ්ඩක් හරි තියෙන්න ඕනෑ...
හරිම ලස්සනයි සිංහල සහෝදරවරුනි
මෙහෙමත් ජනතාවට පීඩා කරන ආණ්ඩුවක්
ජනාදිපති තුමනි වේලක් ඇර වේලක් කාල හරි ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්මට සහයෝගය දෙන්න හැටනවලක්ශයක් පොහොට්ටු ජනතාව සූදානම්. ඉදිරියට තැබූ පය පස්සට ගන්න එපා.
මේවාට කිසිම බමුණු මතයක් හෝ ප්‍රතිචාරයක් දකින්නට නැහැනේද
මේ මිල ඉහළ දැමීමෙන් ගෑස් සහ කිරිපිටි හිඟය ඉවත් වෙන්නේ තාවකාලිකවයි. ලාෆ් ගෑස් හිඟය නම් කොහොමවත් ඉවත් වෙන එකක් නැහැ... තව මාස 2-3 කින් මේ ද්‍රව්‍යවල මිල තව බොහෝ සෙයින් ඉහළ යාම වළක්වන්න බැහැ..
සහල්වලට වෙච්ච දෙයම සිදු වේවි. ව්‍යාපාරිකයින්ට අවශ්‍ය පරිදි මිල ගණන් සකස්කර ගනීවි. පාරිභෝගිකයින්ට කාගේ පිහිටද ? මිල පාලනය ඉවත් කිරීමෙන් පාරිභෝගිකයාට සහනයක් විය හැකිදැයි සිතිය නොහැකිය. පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානත් සුව නින්දක.
මේ කාලකන්නි පාලනයට ආවේ මේකටද .මුන්ගේ සෞභාග්‍ය .මුන් දන්නා පාලනේ .බොරු සෝබන කාලකන්නි දේශපාලුවෝ .කරන්නෙම මුන්ගේ පවුලම එකතුවෙලා රටේ සම්පත් විකුණ විකුණා කොමිස් ගහ ගහ රට මංකොල්ල කන එක විතරයි
දැන් සැපද ?
රජයට දොස් නොකියන්න. අපියි ඔවුන්ව තෝරාගත්තේ
69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඔය වගේ බාල වැඩ කරන්න නොවේ. බලාගෙන යන කොට සිරිසේන හොදයිනේ.
පාලන මිලක් නොමැත්තේ නම්,මිල පාලන අංශවල සේවය කරනා නිලධාරීන් එම සේවයෙන් ඉවත්කොට වෙනත් රාජ්‍ය සේවයකට යොදවන්න.තේ වගාවට කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට බැහැ කියන්නේ තනිකරම බොරුවක්.රජය මේ කොම්පෝස්ට් පොහොර ක්‍රමය ගෙන ඒමට ප්‍රථම දෙනියාය කොටපොල ප්‍රදේශයේ තේ වතු හිමියෙකු ( මගේ පවුලේ නෑයෙකු ) කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් සාර්ථක ලෙස තේ අස්වැන්නක් ලබනවා. වස විසෙන් තොර තේ දළු නිපදවනවා.එපමණක් නොවෙයි.කොම්පෝස්ට් පොහොර යොදා තේ ඇතුළු බොහෝ වගා කටයුතු මහා පරිමාණයෙන් කොට ඒවා අපනයනය කොට විශාල ලෙස රටට ඩොලර් ගෙනෙනා කෙනෙකු මේ රටේ සිටිනවා.ඒ ගැන යූටියුබ් එකේ විස්තර ඇතිව තිබෙනවා.අවශ්‍ය අයට පිරික්සා බලන්නට පුළුවන්.අප පෙර කීවාක් මෙන් නැවත කියන්නෙත්,කොම්පෝස්ට් ක්‍රමය ඉතා හොඳ දෙයක්.ඒත්, එය කලයුත්තේ එක්වර නොව ක්‍රමානුකූලවයි.එය හරිහැටි නොදත්, බුද්ධිමතුන්ට සවන් නොදෙන ඇතැම් දෙනා මේ වටිනා දෙය ක්‍රියාවට නැංවූයේ වැරදි විදිහටයි.ඒ නිසා ගොවියා හා බොහෝ රටවැසියා කරුණු කාරණා වරදවා වටහාගෙන තමයි අද ජීවත් වෙන්නේ.වරද ජනතාවගේ හෝ ගොවියාගේ නොවෙයි.අත්දැකීම් හා නුවණ මද සමහර දෙනාගෙයි.
කෝ අර බමුණා
වැඩ බැරි පක්ෂලගෙ තවත් නාඩගමක්. කොම්පැණි කාරයන්ට සහ පිටරටවල් වලට විකිණිච්ච අපේ රට සහ ජාතිය.
උදේ මම එනකොට අහගෙන රේඩියෝ එකක කියනවා .නොමල ගෙයකින් අබ හොයනවා වගේ තමයි මේ ආණ්ඩුවට බනින් නැති කෙනෙක් හොයාගන්න එක .ඒක සහතික ඇත්ත .හරි වේදනයි මේවා දකිද්දී .අපි කරපු මෝඩකම් වලට
ඔබට සතුටුයිද දැන්..?
ලක්මවට දෙවියන්ගෙන් පිහිටයි . මෙහෙම ගියොත් කන්න නැතුව මැරෙන්නෙ මිනිස්සු. අනේ මෙහෙමත් පාලකයො. යුරෝපය කඩාවැටිලා කියලා රුපවාහිනි අඩනවා. දැන්වත් අපෙ මිනිස්සුන්ගේ ඔලුව පෑදේවා. ඔක්කොම පාලකයො එකයි
මමත් 69 ලක්ෂයේ තමයි. එ්ත් රාජපක්ෂ වාසගම තියෙන කාටවත් මගේ ඡන්දය නැත. ඉතිහාසයේ මේ තරම් පීචං වෙච්චි ආණ්ඩුවක්.. අයියෝ ඇඬෙනවා ….
අනේ මෙහෙමත් පීචන් ආණ්ඩුවක්...!!!
කොරෝනා පැත්තකට දමලා අසාර්ථක දුෂිත පාලකයන්ට විරුද්ධව යමක් කරන්න ජනතාව පෙළ ගැහෙන්න කාලය ඇවිත් .නැතිනම් වෙන්නේ අපට හාමතේ මැරෙන්න
කරුණාකරල වෙළඳ ඇමති ධූරය අහෝසි කරන්න . එවැන්නක් රටට අවශ්‍ය නැහැ . ඒ මුදල් නාස්තිය වලකාලීමට ගන්න පුළුවන් හොඳ ක්‍රියා මාර්ගයක් .
69 බයියොන්ට කියන්න තියෙන්නේ එකම දෙයයි .දැන්වත් තේරුම් අරගෙන දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලලා වැඩ කරන්න මීට පස්සේ .
ඔය කියන මිලපාලන කතා හෝ ගැසට් අපි නම් සතේකට මායිම් කලේ නැහැ. කවටයින්ගේ වැඩකටයුතු දැකලා හිනාවෙනවා මිසක්, ඕවා ඇත්ත කියලා හිතන්න තරම් අපි නම් මෝඩයින් නොවෙයි. කොහොමත් මේ සියලුම භාණ්ඩ වල මිල ගණන් තව දෙගුණයකින් හෝ වැඩිවීම ඉතාම සාධාරණයි. මේ රටේ මෝඩ වහලුන් වෙනුවෙන් මොරදෙන එක නවත්වලා අපි අපේ වැඩේ කරගෙන ගොඩ යනවා. දාන ධර්ම උපකාර මින් පසු නැහැ. කන්න බොන්න නැති අය පිටරටකට පැන ගනිල්ලා. නුඹලා ඉතිහාසය තලුමරමර, දේශප්‍රේමී හොදි බිබී, අපි තමයි ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන තව හොඳට කඹුරපල්ලා.
කට ඇරගෙන පිටරටින් හැම දෙයක්ම එනකල් ඉන්න මානසිකත්වය නැති කරන්න ඕනේ...
20ත් සම්මත කරලා 2/3 අරගෙන මිල පාලනයක් කරන්න බැරිනම් ගෙදර යන්න...!
අන්තිම සති කිහිපය තුළ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1200ක් හා 1250ක්...
රනිල් ලොක්කා ණයත් ගෙවාගෙන, අන්තර්ජාතිකෙත් බැලන්ස් කරගෙන, බඩුත් අඩුවට දීලා, පඩිත් වැඩි කරලා, ගේමක් ගැහුවා. කමක් නෑ. අර කවුද කිව්වා වගේ කන්න නැතත් ඉන්න රටක් තියනවනේ...
රජයට රට පාලනය කරන්න බැහැ කියන්නේ රට අරාජිකයි කියන එක නේද?
වැඩ කරන කෙනෙක් වේ නම් ඒ නුඹයි අපේ පඹයා..
ලොකු මිල වැඩිවීමක් වෙලා නෑනේ... ඔච්චර දඟලන්නේ... ඕනක භාණ්ඩයක මිල වැඩිවෙනවා කාලෙන් කාලෙට...