(නිමල කොඩිතුවක්කු)
පවතින තත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින් තබා, පවත්නා තත්ත්වයේ බරපතළකම වටහාගෙන ජනතාවාදී ක්‍රියා පිළිවෙතකට මාරුවීම ආණ්ඩුව වහාම කළ යුතු බවත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"මේ වන විට කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. බරපතල වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර, ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත.
පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළඳපොල තුළ දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් මේ තුළින් බරපතළ පෝෂණ ඌනතාවයකට මුහුණ දී සිටී.
ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ගනු ලබන කිසිදු ජනතාවාදී තීන්දුවක් මහපොළොව තුළ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දක්නට නැත" යැයි ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් විතරක් නෙමේ .ජනතාවට හැම දේශපලුවෙකුගෙන්ම ආරක්ෂා වෙන්නේ වෙලා තියෙන්නේ
අවසන් පුරවැසියත් එන්නත ලබා ගන්නා තුරු එන්නත ලබා නොගන්නා බව පැවසු අපේ කාලයේ වීරයා නේ ද මේ. කොරෝනාවෙන් පමනක් නෙවේ දේශපාලු වසංගතෙනුත් බේරෙන්න වෙලා තියේනනේ පාට පක්ශ නැතුව.කියන්නන් වාලේ නොකියා මේ මොහොතේ විය යුතු දේ වෙනුවෙන් පුලුවන් නම් පෙනි ඉන්නවලා
මේ මනුස්සයාගේ අඬන එක ජීවිතේට නවතින්නේ නැහැ. දවස පුරා අඬනවා. මිනිස්සුන්ව දැනුවත් කරලා මේකෙන් ගැලවෙන විදිහක් හිතුවා නම් හොඳ නැද්ද? ආණ්ඩුවේ අය එහෙන් අඬනවා.. මේ අය මෙහෙන් අඬනවා.
අනේද කියන්නේ? කට ඇරියොත් තමන් විතරයි ඔක්කොම හරියට කරන්නේ.. අනිත් අය එකෙකුටවත් කිසිඳු වැඩක් බැහැ.. මට තමයි සියල්ල පුළුවන්... මම බලයේ හිටියා නම් මේ මුකුත් නැහැ. නොදකින් මෙහෙමත් දේශපාලුවන්.. හැබැයි තමන්ට අයිති කුඹුරේ නියරවල් වල්වැදිලා... එනමුත් මම හෙන වැඩකාරයා... නොදකින් මෙවන් අය මහජනතාව අමාරුවේ වැටිලා ඉන්නකොට නොවිමසා විමසනවා ඡන්දෙ මට දෙනවා නේද කියලා...!!!
විපක්ෂ නායකතුමා කියන කතාව ඇත්ත... භාණ්ඩ මිල ගැන නම් කියලා වැඩක් නැහැ. ගැසට් ගගහ, චක්‍රලේඛ ගගහා මොන විකාර සෙල්ලන් කරනවාද...? එ්ත් වෙළෙඳුන් මේ ගැසට්, චක්‍රලේඛ සත පහකට ගණන් ගන්නේ නැහැ. මොකද මේ මාෆියාව ආණ්ඩුව විහින්ම ඇතිකර ගත්ත දෙයක්. ඒ තරමටම ප්‍රායෝගික නොවන ගැසට් ගහලා ආණ්ඩුව වෙළෙඳුන්ට බාල්දුවෙලා ඉවරයි. ඉතින් දැන් මේකෙන් මිනිස්සු කරකියා ගන්න දෙයක් නැතුව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ...
මෙයා කට ඇරියොත් කියන්නේ තේරුමක් නැති කතාවක්... දැන දැනම ජනතාව නොමග යවනවා. කප්පරක් බොරු කියනවා. පන්සලට ගිහින් හාමුදුරුවන්ට වඳිනවා.. අනේද කියන්නේ...!
ප්ලැකනිල් ගැහුවා නම් හරියයිද දන්නේ නෑ නේද? ලෝකයේ ඉන්න මෝඩම විපක්ෂ නායකයෙක් වෙලානේ..
ඇයි විපක්ෂයෙන්..., මෙලෝ රහක් නැති විපක්ෂය නඩත්තු කරන්නත් එපායෑ...
ඔබ තුමාලා හිටියා නම්..? 100000ත් පැනලා...
මෙහෙම කෙනෙක්ද ජනාධිපති වෙන්න බලන් ඉන්නේ..? කට ඇරියොත් විනාසයි..!!!
කවුද මේ මෝඩයා
මොනවා උනත් මෙතුමා කියන කතාවේ ගත යුත්තකුත් තියෙනවා . .සදහටම හිරේට ගිය උන් නිදහස් වෙනවා. රටේ යුක්තිය නීතිය සාදරනණය නැතිවෙලා.බලලෝබී බඩගෝස්තරවාදි දූශිත දේශපාලුවෝ රජවෙලා .පවුල් පාලනයකට ගිය රටක් ?