IMG-LOGO

කොරෝනා සිරුර දවස් 18ක් තිස්සේ මෘත ශරීරාගාරයේ

(සුමිත් ප්‍රේමතිලක)

කොරෝනා වයිරසයට ආසාදනය වූ බවට හඳුනාගත් අයකුගේ මළසිරුරක් දින 18 ක් තිස්සේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

පානදුර ප්‍රදේශයේ දී පසුගිය මාර්තු 29 දා රිය අනතුරකින් මියගිය මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් මෙසේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පැවසේ.

පානදුර ප්‍රදේශයේ දී ඔක්තෝම්බර් 9 දා රිය අනතුරකට ලක්ව  මාස 5 කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා පසුගිය මාර්තු 29 දා ගෝනදූව රජයේ රෝහලේ දී මියගොස් තිබේ .

පසුව ඔහුගේ මෘත දේහය පානදුර මූලික රෝහලට රැගෙන ගොස් එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී කොවීඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය මෙසේ පැවසුවාය. ඒ සම්බන්ධයෙන් මට තවම වාර්තා වී නැහැ. කොහොම වුණත් මම මේ ගැන ඉක්මනින් හොයා බලන්නවා.

 



අදහස් (0)

කොරෝනා සිරුර දවස් 18ක් තිස්සේ මෘත ශරීරාගාරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site