IMG-LOGO

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 653ට බසී


වසංගත රෝග විද්‍යා අංශය අද(15) උදෑසන 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 653 දක්වා අඩු වී තිබේ. අද දිනයේදී සුවය ලබා 13 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟ,  ප්‍රතිකාර ලබන සංඛ්‍යාව එම අගය ගෙන ඇත.

ඊයේ(14) රාත්‍රී 9.30ට නිකුත් කළ වාර්තාවට අනුව රෝගීන් ගණන 666ක් විය.

ශ්‍රී ලංකාවේන් හමුවී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2665 ක් වන නමුත් ඔවුන් අතරින් 2001 දෙනෙකු මේ වන විට සුවය ලබා ආපසු නිවෙස් බලා පිටව ගොස් තිබේ.


අද දිනයේදී සුවය ලබා ගිය එම පිරිස අතර,  ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 4දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 5දෙනෙක් ද, මිනුවන්ගොඩ  රෝහලෙන් පුද්ගලයෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් 3දෙනෙක්ද වෙති.

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය සිව්දෙනා අතර විදේශිකයෙකුද වන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

කෙසේවෙතත් අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් 150 දෙනෙකු සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාගත් රෝගීන් අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ රෝගීන් 11 දෙනෙකු පමණි.



අදහස් (5)

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 653ට බසී

sena Wednesday, 15 July 2020 08:16 AM

මුලු ලෝකේම කොරෝනා රෝගීන් ගැන වාර්තා හදන්නේ වාර්තා වූ රෝගීන් ගණනෙන් අපේ රටේ විතරක් ප්‍රතිකාර ලබන ලෙඩ්ඩු ගැන කියනවා. මෙච්චර බාල විදිහට මිනිස්සු නොමග යවන්න හදන එක වැරැදියි.

:       716       570

Sunil milanoWednesday, 15 July 2020 09:14 AM

සේන, රමිත්... මේ වගේ ඔල මොට්ටලවුන් ලංකාවේ ඉන්දෙද්දී ... ලංකාව හදනවා බොරු. සේරටම ඉස්සරවෙලා.... මේ වගේ අය පුනරුත්ථාපනය කරලා ඉන්න.

:       145       607

අලවිරුවාWednesday, 15 July 2020 09:45 AM

ඔහේ වගේ සීතාම්බර සළු ඇඳන් කඩේ යන අය ඉන්නකන් මේ රට කොහොමත් හදන්න බෑ. දැන්වත් දේශපාලුවන්ට කඩේ යන එක නතර කරන්න. කඩේ යන පුරුද්ද නතර කරගන්නම අමාරු නම් රටයි, ජනතාවයි වෙනුවෙන් කඩේ යන්න.

:       33       155

Athula kWednesday, 15 July 2020 09:41 AM

ලෝක කොරෝනා රෝග දත්ත වාර්තාවේත් ඇක්ටිව් රෝගීන් ගණන තියෙනවා.

:       0       344

Ramith Wednesday, 15 July 2020 08:18 AM

තව වහලා සැර අඩුකරලා කියන්න. ඡන්දෙ ගන්නකම් කොරෝනා හැදෙන්නේ, බෝ වෙන්නේ නෑ.

:       641       241

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 150 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 439 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site