
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි අද (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 46 සහ 74 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ 68, 58, සහ 73 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
එම ආසාදිතයන්ගේ විස්තර පහත නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ඉන්න මිනිස්සු නිකම්ම මැරෙනවා නම් ඊට පස්සේ කොවිඩ්... නම් බැලුවම හිතා ගන්න බෑ, පැතිරිලා නෑ කියන්නේ කොහොම ද කියලා...
සැලසුම් සහගතව කරන බොරු කොරෝනා රැල්ල පිටින් දාල මලක්කා ආණ්ඩුව සිංහල ජනතාවට එරෙහිව කරන මර්දනයට එරෙහි වෙමු. ඔබේ දරු පවුල වෙනුවෙන් රැකියාවක් කරන්න ඔබට අයිතියක් තියෙනව. ඔබේ දරුවන් බඩ ගින්නේ නම් ඔවුන්ට ආහාර සපයා ගන්න ගෙදරින් එලියට යන්න ඔබට අයිතියක් තියෙනවා. ඔබේ දෙමව්පියන් බලන්න යන්න ඔබට අයිතියක් තියෙනව. ඔබේ අයිතිය ලබා ගන්න බය වෙන්න එපා. රාජපක්ෂවරු කී දෙනාද දේශපාලනයේ ඉන්නේ? මම දන්නේ නැහැ, වැඩිම වුනොත් 10ක් කියමු. සිංහලයන් ලක්ෂ 150ක් ඉන්නවා. දැන් මේ අසිංහල අබෞද්ධ රාජපක්ෂලා 10 දෙනාට බය වෙලා ඔවුන් කරන අකටයුතුකම් ඉවසාගෙන, සිංහලයන් බඩගින්නේ ඉන්න ඕනෙද? හමුදාවේ, පොලිසියේ, ගොවිබිමේ, වැඩ බිමේ, කාර්යාලයේ, මේ හැමතැනම ඉන්නේ සිංහලයන්. මම ඔවුන්ගෙන් ඉල්ලන්නේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න. හමුදාවෙ පොලිසියේ සහෝදර සිංහලයන්ගෙන් ඉල්ලන්නේ, හදවතක් ඇතුව ඔබේම සහෝදර සිංහලයන් දිහා බලන්න. ඔවුන් අත්අඩංගුවට ගන්න එපා. මානුෂිකව හිතන්න.
ගිය පාර කොරෝනා වෙලාවේ තොරතුරු හංගපු ජනාධිපති සහ ආණ්ඩුවම දැන් පැන පැන තොරතුරු දෙන්නේ ඇයි කියල බුද්ධියෙන් විමසා බලන්න. මලක්කා ආණ්ඩුව රට පුරා වනාන්තරය එලි කරනවා ඇමරිකන් සමාගම් වලට ඉඩම් විකුණන්න. ගෙවල් ඇතුලට වෙලා හිටියොත් රටම විකිණිලා, ඇමරිකන් තානාපති කාර්යාලය කෙටුම්පත් කරලා දීපු 20 වෙනි සංශෝධනය සම්මත කළා වගේ, ඔවුන්ම හදල දෙන මරක්කල ව්‍යවස්ථාවත් දියවන්නා කච්චේරිය සම්මත කරලා තියෙයි.
කොරෝනා වලට බය වෙන්න එපා. ගිය පාරත් මෙහෙම ලිව්වා. නැවත කියන්නේ දෙවෙනි කොරෝනා රැල්ල ආණ්ඩුවේ සැලසුමක්. සිංහල අපි ලෙඩට බය නැහැ. ලෙඩ වෙනවා කියන එක ස්වභාවික සංසිද්ධියක්. ඔබ ඇල්වතුර වෙනුවට උණු වතුර බොන්න. ඔබේ තේ කෝප්පයට ඉඟුරු ඉස්ම මිශ්‍ර කරලා බොන්න. නැත්නම් වැනිලා මිශ්‍ර කරන්න. ඒත් නැත්නම්, පොඩි කුරුඳු කෑල්ලක් හෝ කරාබු නැට්ටක් දාල බොන්න. කොත්තමල්ලි, ඉඟුරු පානය බොන්න. රණවරා, බෙලිමල් බොන්න. කොළ කැඳ උණුවෙන් බොන්න. ඔබේ ආහාර උණුවෙන් අනුභව කරන්න. සබන් දාල අත් සෝදන්න. ගෙදරින් එලියට යන කොට ගෙදර තියෙන රෙදි කෑල්ලක් හෝ ලේන්සුවකින් නහය, කට, නිකට වැහෙන විදිහට ඇඳගෙන යන්න.
නිවසින් එලියට යන කොට මුහුණු ආවරණ පැළඳීම ඉතාම වැදගත්. මේවා ගෙදරම හදා ගන්න. අලුත් රෙදි වලට වඩා හොඳ පරණ කපු රෙදි. පුළුවන් නම් රෙදි තට්ටු දෙකක් දාගන්න. කට විතරක් වැහිලා මදි. නහය, කට, නිකට ඔක්කොම වැහෙන්න ඕනේ ගෙදර මහනවා නම් රෙදි කෑල්ල දිගට කපා ගන්න. කන් දෙකට දාන පටි දෙකට, ඇදෙන කොණ්ඩ පටි (හෙයාර් බෑන්ඩ්) පාවිච්චි කරන්න. හරිම ලේසියි. අතේ මහගන්න පුළුවන්. ඔබ මේ මුහුණු ආවරණ මහනවා නම්, වැඩිපුර රෙදි තියෙනව නම්, වැඩිපුර මහලා අහල පහල අහිංසක මිනිස්සුන්ටත් නොමිලේ දෙන්න. හුඟක් දරුවෝ බඩගින්නේ ඉන්නවා ඇඳිරි නීතිය නිසා. ඔබට පුළුවන් නම් වැඩිපුර ආහාර තියෙනව නම්, ඔබේ අහල පහල දරුවන්ට කෑම පාර්සල් ටිකක් හදලා දෙන්න. ඒ පිනින් ඔබට කොරෝනා හැදෙන්නේ නැහැ. ඔබ ආරක්ෂා වෙනවා. ඔබ කාන්තාවක් නම්, ඔබේ පවුලේ එදිනෙදා ගන්න ආහාර වේල් 3 කලින් සැලසුම් කරන්න. උදේට, දවල්ට, රෑට කන්නේ මොනවාද කියලා සැලසුම් කරන්න. ඔබට පුළුවන් ලේසියෙන්ම දින 3ක ආහාර වේල් ප්‍රමාණය, එනම්; ආහාර වේල් 9ක් කලින් සැලසුම් කරන්න. ඊළඟට මේ සැලසුමට අනුව වෙළඳපොළට ගිහින් ආහාර ද්‍රව්‍ය ගන්න. වෙළද පොලේ අඩු මිලට තියෙන එළවලු සහ පලතුරු ගන්න. නැතිනම් මීකිරි ගන්න.
20 දිනුව මදැයි...
මෙහි බහුතරයක් ගෙදරදීම මැරිලා තියෙන්නේ ,කලින් අඳුනාගෙනවත් නැහැ. කොළඹ තත්වය හරිම භයානකයි.
ලංකාවේ ප්‍රශ්නය අනිත් රටවල් එක්ක සංසන්දනය කරන්න එපා. දවස් කීපයකට ඉස්සෙල්ලා ඇමරිකාවේ එක දවසට කොරෝනා රෝගීන් ලක්ෂයක් හිටියා. ප්‍රශ්නයක් ඇති වෙන්නේ සංචාරකයන් රට පුරා විසිරුණොත්. කොරෝනා ඇඳිරි නීති නිසා මිනිස්සුන්ට අනිත් ලෙඩකටවත් බෙහෙත් ගන්න විදිහක් නැති වෙලා. ගියපාර කොරෝනා වෙලාවේ ආණ්ඩුව දත්ත හැංගුවා. විවිධ ලෙඩ රෝග තිබ්බ වැඩිහිටියන් 1000කට වඩා මැරිලා තියෙනවා ගෙදරදී... දවසකට ලංකාවේ ඉස්පිරිතාලවලට මොනතරම් ලෙඩ්ඩු එනවද? රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 2018 රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් කරපු වැඩ වර්ජන වලදී, පොළොන්නරුවේ රජයේ රෝහලේ විතරක් එක දවසක ලෙඩ්ඩු 3000ක් ගෙදර හරවලා යවලා තිබුණා. මේක එකක් විතරයි. ඔවුන්ගේ වැඩ වර්ජන නිසා කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් රෝහල් වල මියගියා. හෘද රෝග වැනි රෝග තිබ්බ වැඩිහිටියන් මියගියා. ඩෙංගු රෝගීන් සිය ගණන් මියගියා. දැනුත් ඒ වගේ රෝහල් වැහිලා. දැනුත් මිනිස්සු මැරෙනවා. වුවමනාවෙන් කරන එවන් මරණ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විදිහට සලකන්න ඕනේ. කොරෝනා දැම්ම එවර වෙන පාටක් නැහැ. අඩු ගානේ ශීත සෘතු තුනක් ග්‍රීෂ්ම සෘතු තුනක් තියෙන්න ඉඩ තියෙනවා. තාම ඉවර වුනේ එක ශීත සෘතුවක් සහ එක ග්‍රීෂ්ම සෘතුවයි.
රොහලට යන්න එපා ! මහජන සෞඛ්‍ය නිලධාරියාට පොලිසියට හෝ දුරකතනයට අමතන්න. හරි ඊට පසුව, හමුදාවෙන්, පොලිසියෙන්, මහජන සෞඛ්‍ය නිලධාරියා සියල්ල පැමිණ හමුදාව සියලු ආයුධ රැගෙන කුදලාගෙන, ගෙදර දැන්වීම් අලවා, රූ ගත කොට ගෙන යැයි බියෙන්, ලජ්ජාවෙන් නිවස්වල රැඳී මිය යාම නේද පෙනීයන්නේ? සර්, ජනතාවට මානුෂිකව සලකන්න. මේ රෝගීන් මිස ත්‍රස්තවාදීන් නොවේ.
දැන් පේනවා නේද රාජපක්ෂලාගේ ඡන්ද කෙළියේ ප්‍රතිඵල? ඡන්ද තියන කොට කොරෝනා නිකම් හෙම්බිරිස්සාවක් තරම්වත් ගණන් ගත්තේ නැහැ. මේ තරම් ආත්මාර්ථකාමී දුර්වල පාලකයෙක් රටේම නැතිව ඇති. රටේ අවාසනාවකට හරි විපක්ෂයකුත් නෑ.