(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1325 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් 4 ක් ඊයේ (27) දිනයේත් සෙසු ඒවා මැයි 22 සිට 26 වැනිදා දක්වාත් සිදුවූ ඒවා වේ.
මින් හත්දෙනකු නිවසේදී මියගොස් ඇති අතර සිව්දෙනෙක් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇත.
ගුරුතලාව ප්‍රදේශයේ 42 හැවිරිදි කාන්තාවක්, බඩල්කුඹුර ප්‍රදේශයේ 64 හැවිරිදි පිරිමි අයෙක්, මහනුවර පදිංචි 66 හැවිරිදි පිරිමි අයෙක්, අගලවත්ත ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක්, වෙන්න්ප්පුව ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙක්, පොළොන්නරුව ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක්, වැලිපැන්න ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි අයෙක්, මාතලේ ප්‍රදේශයේ 76 වියැති පිරිමි අයෙක්, අලුත්ගම ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි අයෙක්, මග්ගොන ප්‍රදේශයේ 85හැවිරිදි පිරිමි අයෙක්, දර්ගා නගරයේ 76 හැවිරිදි කාන්තාවක්, මොරපිටිය ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක්, ගල්පාත ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, බේරුවල ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි අයෙක්, ගාල්ල ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමි අයෙක් සහ 41 සහ 52 වයස්වල කාන්තාවන් දෙදෙනෙක්, බූස්ස ප්‍රදේශයේ 93 හැවිරිදි කාන්තාවක්, මිල්ලෑව ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, නෑබොඩ ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, බුලත්සිංහල ප්‍රදේශයේ 91 හැවිරිදි කාන්තාවක්, කඩවත ප්‍රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ 59 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි අයෙක් සහ වැල්ලම්පිටියේ 49 හැවිරිදි කාන්තාවක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd