(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 198 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,183 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 117දෙනෙක් සහ කාන්තාවෝ 81 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 154 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 44 දෙනෙක් ද වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා අඩු කරන්න බැරි උනාට මරණ ගණන 200 ට අඅඩුවෙන් තියාගන්න කෙසේ වෙතත් සංඛ්‍යා ලේඛන අඩුවෙන් කියන්න මාර දක්ශයි
හෙට 200 පනීවි. බයියන්ට දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ.
සයිනොපාම් එන්නත්කරණය ආරම්භය බාධා නොවුණි නම් මේ කිහිප දෙනෙක්වත් අද ජීවතුන් අතර,
ඉහලට යමින් පවතින ප්‍රස්තාරය ආපසු හැරීමට තව සතියක් වත් යනුඅත. යම් පාලයකට ඒමට නම් මරණ සංඛ්‍යාව 100 ට අඩු වියයුතුය. ඒ සඳහා සති 3ක් වත් යනු ඇත. මේ පිලිබඳ පුරෝකතනයක් සෞඛ්‍ය අංශ සකස් කිරීම වැදගත් වනුඇත.
ජනගහන අනුපාතයත් එක්ක බලනකොට ලංකාව ලෝකයේ භයානකම කෝවිඩ් රටක් බවට පත්වෙලා.
ගාන වැඩි වෙද්දී නිකම් ජාත්‍යන්තරය ජය ගත්තා වගේ අමුතු හැගීමක් එනවා නේද? සමහරවිට අර දේශප්‍රේමී උන ගතිය වැඩි නිසාද මන්දා? කොරෝනා උන හැදෙන්න කලින්ම දේශප්‍රේමී උන ඉහට ගහලා දොඩවාපු අපිට, කොරෝනා උන හැදිලා මොනා කියවෙයිද දන්නේ නැහැ. මරණෙට නම් බියක් නැහැ. එත්, නැවත ඉපදෙන්නේ, මේ අමන ජාතියෙමද කියන එක තමයි ගැටලුව?