(මනෝප්‍රිය ගුණසේකර සහ ඩයනා උදයන්ගනී)

‘කොවිඩ් 19’ හෙවත් ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ඊයෙ (05) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද (06) තහවුරු කළේය.

ඒ අනුව ‘කොරෝනා’ වයිරසය ආසාදනයවීම හේතූවෙන් මියගිය සමස්ථ මරණ සංඛ්‍යාව 10,320 ක් වු බව එම වාර්තාවේ සඳහන් වේ.

මියගිය 180 දෙනාගෙන් 133 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර 40 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන්නෝද ඉතිරි 07 දෙනා වයස අවුරු 30 අඩු අයද වෙති.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු හා කාන්තාවන් 83 දෙනෙකු සිටිති.