(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 145 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 9,951 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 1117 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 42 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු සිව් දෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 77 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 68 දෙනෙක් වෙති