(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )
දැනට උද්ගතවී තිබෙන කොරෝනා උවදුර සිය බල ප්‍රදේශයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමේ අරමුනින් රුපියල් ලක්ෂ 50 ක් වෙන්කළ බව හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතා අද (25 ) පස්වරුවේදී පැවසීය .
සිය නගර සභාවේ පක්ෂවිපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ එකගත්වයෙන් මේ මුදල වෙන්කළ බවද කාරියවසම් මහතා මෙහිදී කීවේය .
වෙන් කෙරුණු මේ මුදලින් කොරෝනා රෝග උවදුර පිලිබදව ජනතාව දැනුම්වත් කිරීම අඩු ආදායම්ලාභී පවුල්වල අය භාණ්ඩ මිලදී ගැනීමට ඒක රාශීවීම වැලැක්වීමට වැඩපිලිවෙලක් සැකසීම, ඒ අනුව සිය බලප්‍රදේශයේ හදුනාගත් අඩු ආදායම්ලාභී පවුල් හාරදහස් පන්සීයකට නිවසටගොස් ඒ වියලි ආහාර පාර්සල් ලබාදීම සිදු කෙරෙන බවත් මේ වැඩසටහන සිය බල ප්‍රදේශයේ වෙසෙන රජයේ සේවකයින්ට හා ව්‍යාපාරිකයින් ඇතුලු යමක්කමක් තියෙන අයට වලංගු නොවන බවද ඔහු කීවේය .
එමෙන්ම සිය බල ප්‍රදේශය ජීවානුහරනය සිදු කිරීමද මීට සමගාමීව සිදු කෙරෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මඬින්න හික්කඩුව නගර සභාවෙන් ලක්ෂ 50 ක්