(සුජිත් හේවාජුලිගේ අංජුල මහික වීරරත්න)
කොරෝනා තාවකාලික විධිවිධාන (2019) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි.
කොවිඩ් වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු යථා පරිදි පවත්වාගෙන යෑම, එවැනි අවස්ථාවලදී අධිකරණ කටයුතු ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම, සහ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම යනාදි අරමුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත මඟින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙනු ඇති බව අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කාලේ අඩුවෙන් හොර කම් කරන්න කියලා දාන්න ඕනේ .මේ 225 රටට මහා බරක් .අපේ රට ඉවරෙටම ඉවරයි කෑවා
ඔය විදිහටම කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්මත කරන්න.