ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට ප්‍රතිවයිරසයක් පර්යේෂණාගාරයක් තුළ නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයට අනුයුක්ත මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවයිරසය කෘත්‍රිමව නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ ජාන කේතය හඳුනා ගැනීමෙන් පසුව යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දැනට පර්යේෂණ මට්ටමේ පවතින මෙම ප්‍රතිවයිරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වයිරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ඇති බව ද පැවැසෙයි.
මීයන් යොදා ගනිමින්, උන්ට ‘කොවිඩ් 19’ වයිරසය අාසාදනය වීමට සලස්වා පසුව කෘත්‍රිමව නිපදවූ ප්‍රතිවයිරසය උන්ගේ සිරුරුවලට ඇතුළු කර ඇත. එම අවස්ථාවේදී, මීයන්ගේ පෙනහළුවල ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ සියයට 99.9 ක් විනාශ කර දැමීමට නව ප්‍රති වයිරසය සමත් වී තිබේ.
ආර්.එන්.ඒ අණුවලින් සමන්විත මෙම ප්‍රතිවයිරසය සර්ථක වුවහොත්, ඉදිරියේ දී එය එන්නත් මගින් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දී, ඔවුන් සුවපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව ද පැවැසෙයි.
ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් මෙම ප්‍රති වයිරසය නිපදවීම කර ඇත්තේ 'ජීන් ස්ලයිසින්' නමැති ජාන වෙනස් කිරීමේ තාක්ෂණය යොදා ගනිමිනි. මෙම ජාන වෙනස් කිරීමේ තාක්ෂණය ලොවට හඳුන්වාදීම කළේ ද ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන්ය. ඒ, 1990 දශකයේය.
(ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමූලික බොරු... එහෙම දෙයක් කොහේවත් සඳහනක් නැහැ.
මෙම ප්‍රතිවයිරසය සාර්ථක වුවහොත්..., ඒ කියන්නේ තාම සාර්ථක නෑ කියලා... තවත් එක් ව්‍යාපෘතියක් වෙයි.
ඇයි සෑර්.......අපේ ජනතාවට පොවන පැනි වර්ග බීලා බැලුවෙ නැතෙයි.......
2023 වනවිට ජනගහනයෙන් භාගයක් ඉවරයිනේ...
ඒක බොරු එකක්...