
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමන්නේ නැතිව ඉදිරි අවුරුදු තුන පාලනය කිරීමට හැකිවුවහොත් ජනතාවට ලබාදුන් පොරොන්දු සහ සියලුම ව්‍යාපෘති කඩිනමින්ම අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹදී අද (24) පැවසිය.
කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් ආණ්ඩුව රට වෙනුවෙන් බොහෝ දේ කළ බවත් තමන් හෝ තමන්ගේ ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය විපක්ෂයද කියා තමන් ජනතාවගෙන් විමසා සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කලේය.
විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තුවේදී සහ ජනතාව ඉදිරියේදිත් කතා කරන්නේ ජීවිතයට ආණ්ඩු බලයේ නොසිටපු අය මෙන් බවත් ඔවුන් අවුරුදු පහක් රට පාලනය කර සිදුකළ විනාශය ජනතාවට අමතක නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ‘කල්‍යාණී රන් පිවිසුම‘ ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පස්වරුවේ එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
“පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනයේ හිටියේ. එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇති කරලා තිබුණා. ඒකයි අපිට යුද්ධය දිනන්න පුළුවන් වුණේ. එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. යුද්ධයෙන් පස්සේ කිසිදු දෙයක් සිදු නොවුණේ ඒ නිසයි.
නමුත් ඒ අය බලයට පත්වෙලා බුද්ධි සේවාවන් ඇති කරලා, රණවිරුවන් නැති කරලා ඔවුන්ගේ මානසිකත්වයක් කඩාදාලා අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්න කියපු නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිදුවුණා . ඒ අයම ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයො කවුද කියලා. එවකට හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය මේකට වගකිව යන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. මේ පිළිබඳව වාර්තා අපි පාර්ලිමේන්තුවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.
පසුගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පලිගැනීම් කරන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ. එක පැත්තකින් අධිකරණයේ ස්වාධීනත්වය ඉල්ලනකොට අහවලාට දඬුවම් දෙන්න කියලා අපිට කියන්න බැහැ. ඒක අධිකරණය කරයි. අපිට ඒ ගැන විශ්වාසයක් තියෙනවා . ඒක කමිඩිනමින් කරන්න ඕනනම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා මේවාට වග කියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරන්න. ඒ කරන වැරදි තවත් නොකරන විදිහට කරන්න පුළුවන්. ඒක නම් ඉල්ලන්නේ අපිට ඒක කරන්න තුනෙන් දෙකක බලයක් තියෙනවා ඒ නිසා එක එක දේවල් ඉල්ලද්දී ටිකක් පරිස්සම් වෙන්න වෙයි. ඒවටත් අපි ලෑස්තියි කියලා මේ අවස්ථාවෙදි කියනවා.
ඒ වගේම මේවට ජනතාව රැවටෙන්න එපා කියලා අපි කියනවා. මම හොඳ නැත්නම් අපේ ආණ්ඩුව හොඳ නැත්නම් විකල්පය විපක්ෂයද කියලා අපි ජනතාවගෙන් අහනවා. දැන් අවුරුදු පහක් පාලනය කරපු හැටි අපි දැක්කා. එදා කිව්වා ගෝඨාභය රාජපක්ෂට දිනන්න බැහැ මොකද සුළු ජාතීන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ නැහැ කිව්වා. අපි දිනුවේ නැද්ද අපි මේ රටේ රටේ යුද්ධය අවසාන කළාටත් වඩා තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් මෙවර ජනතාව අපට ලබා දුන්නා. මාව ඉතා විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේත් පාර්ලිමේන්තුවේ අපට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නෙත් ඔය කියන කණ්ඩායමේ අසාර්ථකත්වය දුර්වල පාලනය ඒ අයගේ පළිගැනීම් ජනතාව පිළිකුල් කළ නිසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාවට වගකියනවා ,,සෞබාග්‍යයේ දැක්ම ,වියත්මග ,බොරු බේගල් ගහලා ජනතාව අන්දවලා බලයට ආවේ. අවුරුදු 2 ක් ගතවුනා. රට කබලෙන් ලිපට වැටිලා .තව හිටියානම් මොනවායින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ.
ලැජ්ජයි ජනාධිපතිතුමනි.... මම හිතුව ඔබ වැදගත්, කෙලින් වැඩ කරන දූශිතයන්ට නිසිදඩුඅම් දෙන යහපත් ජනපතිවරයෙක් වෙයි කියල... හැබැයි අද ඔබගෙ කතාවෙන් දැන ගත්ත ඔබත් කටින් විතරක් වැඩ කරන පරන තාලෙම නායකයන් ගනයට වැටෙන තවත් කෙනෙක් පමනක් වන බව...
ඔබතුමාට ගරු කරනවා. දිගටම යන්න. තවමත් අපි ඔබ සමගයි.
එහෙනං හරි මහන්සි ඇති නේද ?
කබ්රාලුයි, ජයසුන්දරයි එක්ක මොන පොරොන්දු ඉටුකිරීමක්ද සර්. සර්ගෙ පොරොන්දු නෙවෙයි මිනිස්සු සර් කියන්නේ වැඩකාරයෙක් කියල හිතුවා. දැන් ඉතින් සර්ම සර් පුස්සක් කියල ඔප්පු කරල ඉවරයි.
කොහොම උනත් නිදහසටත් කරුණු තියනවා .දැනට කර හරිය හොඳටම ඇති
ගියොත් අපිට හොඳයි
වියරුවේ උපරිමයට පැමිණි ඇතිබව තමන්ම සනාථ කළ බවයි.
පාස්කු ප්‍රහාරය වෙද්දී එවකට ජනාධිපති සහ ආරක්ෂක ඇමති මෛත්‍රී දැන් කොහෙද ඉන්නේ? කොරෝනා වසංගතය මධ්‍යයේ ආණ්ඩුව රටට බොහෝ දේ කලාලු. හොඳටම කරපු නිසා තමයි අද මිනුස්සු පොලීමේ ඉන්නේ.
මේ දක්වා මිනීමරුවන් නිදහස් කිරීම ,රට දෙකඩ කරනවුන්ට නීතිය භාරදීම ,ගැසට්ටු වලට රිවස් ජියර් සවිකිරීම, තව මොන පොරොන්දුද ඉතිරිවෙලා තියෙන්නේ
කොරෝනා නිසා රට වහන්න වෙන්නේ ඔබේ කොරෝනා පාලනයේ වැරැද්ද නිසා බව ඔබට නොතේරෙන්න ඇති
දැන් රට ඇරලා තිබෙන්නේ කරලා පෙන්වන්නකෝ.
ඔය කියන විදිහට ඔබට රටේ 2/3 බලයක් තිබෙනවානම් පළාත්සභා තියලා පෙන්වන්නකෝ.
රට වැහුවත් තමන්ගෙ සහ වටේ අයගේ වැඩ ටික හරියට වෙනව?
පොලව ඇද නැතිනම් මම හොඳට නටන්නම්
මේ හිටපු අවුරුදු දෙකට රටට කල විනාසේ ඇති.තව අවුරුදු තුනක් හිටියොත් රටම විනාශ කරලා තමයි මෙයා යන්නේ
කොරෝනා නිසා ඔබේ සැලසුම් අනුව යන්න බැරිඋන වග පිලිගන්නවා.
ඉදිරිය පැහැදිලියි. කොරෝනා වැඩි වෙන්න ඉඩ දීලා බලන් හිටියම හරි.