කොවිඩ් - 19 වයිරසය ආසාදිත මවකගෙන් අලුත උපන් බිළිඳාට වයිරසය ආසාදනය වී නොමැති බව කොළඹ - නැගෙනහිර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා තහවුරු කළේය.
පසුගිය 21 වැනිදා සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් පසුව ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව වෛද්‍යවරයා පැවසීය.
මෙම ගර්භණී කාන්තාව ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි තිබූ අතර ඇයව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබිණි.
වෛද්‍යවරු, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින් ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත පිරිසක් විසින් දරු ප්‍රසුතිය සිදුකරනු ලැබීය.
මෙම දරු ප්‍රසුතිය විශේෂිත අයුරින්, සිසේරියන් සැත්කමක් සිදුකර වයිරසය පරිසරයට මුදාහැරීම අවම වන ලෙස සිදුකිරිම විශේෂත්වයක් විය.
මේ වන විට මව සහ අලුත උපන් දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
(535)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිත මවගේ බිළිඳා නිරෝගීයි