IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත ගැබිණි මවුන් හතරකට සාර්ථක සීසේරියන් සැත්කම්

( පුෂ්පකුමාර ජයරත්න සහ  ප්‍රියාණි මංගලිකා)

කොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනී මවුවරුන් සිවු දෙනකු සිසේරියන් සැත්කම් මඟින් සාර්ථක දරු උපත් සිදු කිරීමට නිකවැරටිය මූලික රෝහලේ මාතෘ හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමත් විය.

මාතෘ හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරුන් වන ජගත් විජේපාල සහ සනත් ද සිල්වා මහත්වරුන් එක්ව සිවුවන දරු උපත ඊයේ (2) සාර්ථකව සිදු කළ බව නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රමිල අධිකාරි මහතා පවසයි.

කොරෝනා ආසාදිත මවුවරුන් සිවු දෙනාම සහ ඔවුන් ප්‍රසූත කරන ලද දරුවන් ඉතාම නීරෝගීව සිටින බවද මෙම සැත්කම් සාර්ථක කර ගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා වෛරස අවදෘනමද නොතකමින් ඉතා දැඩි කැපවීමෙන් කටයුතු කළ බවද වෛද්‍ය ප්‍රමිල අධිකාරි මහතා සඳහන් කළේය.

(නිකවැරැටිය ප්‍රියානි මංගලිකා)

 



අදහස් (0)

කොරෝනා ආසාදිත ගැබිණි මවුන් හතරකට සාර්ථක සීසේරියන් සැත්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site