
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරිනියක් කොවිඩ් ආසාදිතයකු බවට අද (27) තහවුරු වීම නිසා සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කාන්තා ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පියවර ගත්තේය.
ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවැත්වීමට නියමිතව තිබූ තරගයට සහභාගි වීමට ක්‍රීඩාංගනයට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිල තරඟ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙම තීරණයට එළඹියේය.
මෙම තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේට පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනකු ඇතුළු සාමාජිකාවන් හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
තරගාවලියට සහභාගී වී සිටි කණ්ඩායම් දහයම අද දිනයේ එකම ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර හැරීමට සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීහු තීරණය කර ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකකෙනෙකුට කොරෝනා හැදුණානම් අනිත් අයටත් බෝවන්නත් එපෑයෑ..