
(අජන්ත රත්නායක)
වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවටත්, ආණ්ඩුවේ ජනපීඩක වැඩපිළිවෙලටත් විරෝධය දක්වමින් දෙදහසකට ආසන්න පිරිසක් කුරුණෑගල නගරයේදී අද දහවල් විරෝධතාවක නිරත වූහ.
කිසිඳු දේශපාලන පක්ෂය සාමාජිකයන් නොවන තරුණ තරුණයන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධතාවය සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. ආරම්භයේ දී තිස් දෙනකුගෙන් පමණ ආරම්භ වූ විරෝධතාවයට පැයක් පමණ ගතවනවිට දෙදහසකට වැඩි පිරිසක් එක් වී සිටියහ.
විරෝධතාවය පැවැත්වෙන අතරතුර ව්‍යාපාරිකයන්, කුලී රථ රියැදුරන් , රජයේ සේවකයින්, ගෘහණියන් ආදී විවිධ තරාතිරම්වල පිරිස් ස්වේච්ඡාවෙන්ම පැමිණ ඊට එක්වූහ. කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය විහාරාධිකාරී වීරපොකුණේ සුමංගල හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද මෙම විරෝධතාවයට වැඩම කර සිටියහ.
විරෝධතාවය පැවැත්වෙන ස්ථානයෙන් ගමන් ගත් වාහනවල රියදුරන් විසින් නලා හඬවමින් විරෝධතාවයට සහාය පළකළහ.
සියයකට ආසන්න නිලධාරීන්ගෙන් යුත් පොලිස් බලඇණියක් විරෝධතාවය පැවැති ප්‍රදේශය සහ ඒ අවට රාජකාරිවල යොදවා තිබිණි.



2025 ඔක්තෝබර් මස 08
1875
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1509
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
529
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුරුණෑගලත් මහා පිරිස් මහ පාරේ
siri Monday, 04 April 2022 05:05 PM
පරණ ඇමැතිකම වෙනුවට ඒකම අලුත් ඇමැතිකමක් හැටියට බාරගත්තු කෙනෙක් කිවා නේද? "කොහේ පෙළපාලි දැම්මත් කුරුණෑගල නම් කරන්න දෙන්නේ නැහැ" කියලා...