IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුරුණෑගල-ත්‍රි’මලේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට

(අංජුල මහික වීරරත්න)

කුරුණෑගල, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හා ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ   ‘Vision’ වැඩසටහනට සහභාගී වූහ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු සිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරුණි. 

එක් විෂය ක්ෂේත්‍රයකම පමණක් සීමා නොවී සෑම ක්ෂේත්‍රයකම අත්හදාබැලීම් සිදු කරමින් නව නිපැයුම් කෙරෙහි කුඩා කළ සිටම හුරුපුරුදු විය යුතු බවත්, තම ජීවිතයේ සෑම අත්දැකීමක්ම පර්යේෂණයට ලක් කිරීම තුළින් ජීවිතයේ අභියෝග ජයග්‍රහණය කළ හැකි බවත් මෙහිදී සිසු සිසුවියන් වෙනුවෙන් හරවත් දේශනයක් සිදු කරමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද මීට සහභාගී වූහ.

 



අදහස් (1)

කුරුණෑගල-ත්‍රි’මලේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 12 July 2025 05:34 PM

ඇයි ළමයි, පච යන්තරේ බලන්න දුර කතර ගෙවාගෙන කොළඹ ආවේ? සතියේ ඕනේ දවසක, තඹුත්තේගම තනි සිග්නල් කනුව ගාවට ගියා නම්, පච යන්තරේ මැවුම්කාරිය හම්බවෙලා ඕනේ විස්තරයක් දැනගන්න තිබුණානේ...!

:       10       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site