(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාවේ සහයෝගීතාව වර්ධනය කිරීම පිණිස වසර තුනක තුනක කාලයක් සඳහා අත්සන් තබා තිබූ අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව 2020.2. 15 දිනෙන් අවසන් වී ඇත.

දෙරට අතර කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්නුම් කළ හැකි ක්‍රීඩා ක්ෂෙත්‍රයන් හඳුනාගෙන එම ක්ෂේත්‍රයන් හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා නිලධාරීන් අතර තොරතුරු හා වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සහයෝගීතාවය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන එකී සහයෝගීතා ගිවිසුම තවදුරටත් වසර තුනක කාලයක් දීර්ඝ කිරීමට හැකිවනු පිණිස නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ.