
(විමුක්ති එස් රුද්‍රිගු)
ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගෙන් 2.5% සිට 3% දක්වා අමතර ගාස්තු අය කිරීමට සමාගම් සහ ආයතනවලට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එලෙස ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සිදු කිරීමේදී අමතර ගාස්තුවක් අයකළ හොත් කාඩ්පත අයත් බැංකුවට පැමිණිලි කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බවත් එහිදී අයකර කර ඇති වැඩිපුර මුදල අදාළ බැංකුව පාරිභෝගිකයාගේ ගිණුමට බැර කරනු ඇති බවත් ඔහු පැවැසුවේය. කෙසේ නමුත් පැමිණිලි කරන විට අමතර ගාස්තුවක් අයකළ බවට පැහැදිලි සාක්ෂි සහිත ගනුදෙනුවේ රිසිට් පත් පාරිභෝගිකයා ඉදිරිපත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
ලංකාවේ වසරකට ඩිජිටල් ගනුදෙනු ලක්ෂ 16 ක් සිදුවන බවද ඔහු සඳහන් කළේය. ඉන් ලක්ෂ 8 ක් ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු බවත් ලක්ෂ 6 ක් ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු බවත් ඔහු පැවැසුවේය. ලංකාවට ඉතාමත් හොඳ ඩිජිටල් ගෙවීම් පද්ධතියක් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘ක්‍රෙඩිට් කාඩ්වලින් අමතර ගාස්තු අයකරන්න බෑ‘‘
Tissa senanayake Friday, 25 July 2025 01:05 PM
පාරිභෝගිකයාගෙන් ගන්නේ නැති වුණාට ව්‍යාපාරිකයාගෙන් ගන්නවා නේද?