
ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ ලුආනාගේ නොහොබිනා හැසිරීම නිසා යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, ඇයට පිහිනුම් ඉසව් අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
පෙරුගුවේ ඔලිම්පික් කමිටු සභාපති ලරිස්සා ෂේරර් පවසා ඇත්තේ ලුආනා ඇලාන්සෝ අනවසරයෙන්, කිසිවකුටවත් නොදන්වා, සිය අභිමතය පරිදි, ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කළ බවත් එම සිදුවීම සැලකිල්ලට ගනිමින් ඇය ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කළ බවත්ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.