
(බී ජී චතුරංග සහ උපුල් හේරත්)
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්වා තබා ඇතැයි සිසුවියන්ගේ මවුපියන් මොරගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පාසල් ගුරුවරියක ක්‍රිඩා පුහුණුවට නොආවේ යැයි කියමින් 6 ශ්‍රේණියේ සිසුවියන් කීප දෙනකු, උදෑසන සිට පාසල නිමවන තුරු මහ අව්වේ දණ ගස්සවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව මොරගොඬ පොලිසියේ විමර්ශනයක් ආරම්භ කළේය.
තම දියණිය පාසලේ ක්‍රීඩා කටයුත්තක් සදහා අකමැත්තක් දැක්වු වැයි විදුහලේ විද්‍යාව විෂය භාර ගුරුතුමිය උදෑසන සිට සවස 1.30 දක්වා දණගැස්වූ බවට එක් සිසුවියගේ පියායකු පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදුහලේ විදුහල්පතිවරයෙක් නැද්ද?
මෙවැනි මානසික රෝගීන් ගුරු වෘත්තියට සුදුසු නැත. දරුවා හඳුනාගත නොහැකිව ඔවුන් උගන්වන්නේ කෙසේද?
අපේ ටීචලා අපිට ගහලා හදන්න එයාලට ඉඩ තිබ්බ නිසා අපි මෙහෙම ඉන්නවා.
එක එක ටීචර් අම්මලා උන්ට ඕන ඕන විදිහට වැඩ කරන්නේ. එහෙම එවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.
කරන්න දෙයක් නැතුව ගුරු වෘත්තියට එන කාලකන්නි. අසනීප දරුවන්ව පැය ගාණක් අවුවේ තියන්නේ මොන අමනුස්සකමක් ද? මේ ගුරුවරිය විතරක් නෙමෙයි විදුහල්පතිත් මේකට වග කියන්න ඕනේ ...
මානසික ආබාධ සහිත ගුරුවරු ඉන්න එක ප්‍රසිද්ධ කරුණක්......