IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය කලමනාකරු යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

 

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙත විදෙස් රූපවාහිනී ආයතනයකින් ලැබිය යුතු රුපියල් කෝටි තුනකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ එම ආයතනයේ ප‍්‍රධාන මූල්‍ය කළමණාකාරවරයා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) නියෝග කළාය.

 

තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට නිතීඥ නලීන් වීරකෝන් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමින් මහේස්ත‍්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

 

ඒ අනුව එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගලවිලවත්ත, හෝමාගම ලිපිනයෙහි පදිංචි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍ය කලමණාකාරවරයා වශයෙන් සේවය කළ දිසානායකලාගේ පියල් නන්දන දිසානායක (42) නැමැත්තාය.



අදහස් (0)

ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය කලමනාකරු යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site