IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කිරි නිෂ්පාදනය වැඩි කරන්න ජපන්- ලංකා ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ජපාන  නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී  ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA) සභාපති  ටනාකා අකිහිකෝ (Dr. TANAKA Akihiko)  මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

ජාතික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ජයිකා (JICA)  හරහා සහනදායී යෙන් ණය නැවත  ලබා දීම   ආරම්භ කරමින්  ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී  සිය කෘතඥතාව පළ කළේය. 

ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ප්‍රගතියේ ප්‍රධාන සාධක ලෙස පෞද්ගලික අංශය, කාර්මික සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර සංවර්ධනයේ වැදගත්කම  ජයිකා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) ව්‍යාපෘතිය කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කළමණාකරණය නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකාව සමඟ පවතින දිගු කාලීන සහයෝගීතාව තව දුරටත් පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බවත්  ඔහු ප්‍රකාශ කළේය.  

බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමණාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සහ AI Neutral Center ඇතුළුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය  ප්‍රශස්ත මට්ටමකට නගා සිටුවීම සඳහා සහාය ලබා දෙන ලෙස  ශ්‍රී ලංකා නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ.

ජපාන - ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සම්බන්ධව ප්‍රදාන ගිවිසුම (Grant Agreement) අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (0)

කිරි නිෂ්පාදනය වැඩි කරන්න ජපන්- ලංකා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site