
(ඔගස්ටින් ප්‍රනාන්දු)
දැදුරු ඔය දෙපස කීර වගා කරන ගොවිහු පිරිසක් සිය වගාවලට පොහොර ඉල්ලා විරෝධතාවක නිරතවුහ.
විවිධ සටන් පාඨ ලියු පුවරු ඇතැතිව මුගුණුවටවන සිප්පිකලාන විහාරස්ථානය කරා පැමිණි ගොවීහු පසුව එතැන් සිට විවිධ සටන් පාඨ හඩ නගමින් සිප්පිකලාන අයියනායක දේවාලය කරා පැමිණ දේව පුජාවක් ද සිදු කර පොල් ගසා විසිර ගියහ .
කෘෂිකර්ම ඇමතිවරයාගේ අනුරුවක් ද පුළුස්සා දැම්මේය.
(එච්.චන්දන)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්ම ඇමතිවරයා කොහොමත් පඹයෙක් තමයි.. ගිනිතියලා වැඩක් නැහැ. ඇයි පොහොර නවත්තපු ලොක්කගේ පඹයෙක් ගිනි තියන්න බයද?
පරිසරය විනාශ කරමින් ජනතාවට වස විෂ කවන්න අයිතිය ඉල්ලනවා. අමනකම සහ පටුකම හැර වෙනත් දෙයක් මෙතන නැත.
ලොක්කා, වැඩිකල් අදින්නේ නෑ.. මෙහෙම ගියොත්... නිරෝධායන නීතියවත් ඇදගෙන යන්න ඉතින්...!!!
අනෙක් වගාවන් කෙසේවෙතත් කීර ගොවිතැනට නම් වඩාත්ම හොඳ කාබනික පොහොර..., රසායනික පොහොර යොදන්නේ කෘමි හානි වළකාගන්න...
ඔය පෙළපාලි රජය ගනන් ගන්නේ නැහැ
කීරවලටත් රසායනික පොහොර ගහණ රටක්... ජනතාව දැන්වත් තේරුම් ගන්න අපි වස විස කොතරම් කනවද කියලා. මෙතරම් කැන්සර් හැදෙන්නේ ඇයි කියලා දැන්වත් හිතාගන්න බැරිද?
අම්මෝ කීරවලටත් රසායනික පොහොර දානවද?