
කෘමීන් විනාශ කළ වම්බටු කිලෝ 12000කට කෘෂි ජීවි නිලධාරින් ඉදිරියේ දඹුල්ලේ ගොවි මහතෙක් ගිනි තබා විනාශ කළේය.
අක්කර පහක පමණ වම්බටු වගාවට අවශ්‍ය කෘමි නාශක නොමැති නිසා නෙලාගත් කිලෝ 14,000 න් 12,000ක්ම අලෙවි කර ගත නොහැකි මට්ටමට කෘමීන් විනාශ කර ඇතැයි එම ගෙවි මහතා පැවැසීය.
අක්කර පහක වගාවෙන් කිලෝ 2000ක් අලෙවි කළ බව ද ගොවි මහතා කියා සිටියේය.
ඡායාරූප කාංචන කුමාර ආරියදාස

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට ඇත්තටම මොලයක් නැද්ද? හරියට කපලා බටු මෝජුවක් දැම්මා නම් සල්ලි... කරපු හපන් කමක් රටට පේන්න ගිනි තියනවා..
අපිට කන්න බොන්න නැති යුගයක් ඇති කරලා ලොකු උන්නැහේ නැවත ඇමෙරිකාවට යාවි..
ගොවීන්ට සහන ලබා දිය යුතුයි
ප්‍රේස් හිතාගෙන ඉන්නේ ගොවියෝ වගා කරන්නේ ගෙදර මෝජු දාන්න කියලද? ඒ මිනිස්සු ඒවා විකුණලා තමයි ජීවත් වෙන්නේ, දරුවන්ගේ අධ්‍යාපනයට, බෙහෙත් වලට වියදම් කරන්නේ. දැන් ඔය කියන කෙනා කඩේට ගිහින් කෘමීන් විනාශ කළ වම්බටු තිබ්බොත් ගන්නවද?. ඒ ගානටම ගන්නවද? ඔය වගේ හිතන මෝඩ දේශපාලුවොයි... ඒවාට ආවඩන කේවට්ටයෝයි හින්දා තමයි මුළු ලෝකෙම දියුණු වුණත් අපේ රට තාම එක තැන පල්වෙන්නේ...
අපේ මිනිස්සු දැනගන්න ඕනේ කෘමිනාශක නොයෙදූ බෝගවල පණුවන් (ඇත්තටම ඌ කෘමියෙක්ගේ පිලවෙක්, නරක් වුණාම හැදෙන පණුවො නෙමේ) ඉන්න බව. පිළවා තමයි කෘමිනාශක නොයෙදූ බවට සහතිකය. පිළවා අප්‍රසන්න වුණාට ඌ පිළිකා හදන්නේ නෑ. වකුගඩු රෝග හදන්නේ නෑ. ඒ කොටස කපලා පාවිච්චි කරන්න පුලුවන්. ගෝවා, සලාද, මල්ගෝවා, බෝංචි වලත් අපි නම් පිළවෙක් දැක්කාම සතුටුයි. මොකද ඒ බෝගවලට වස වැදිලා නෑ කියලා දන්න නිසා....
මෙතනදී ජනතාව අවබෝධ කරගත යුතු දෙයක් තිබෙනවා. තේරුම් ගන්න පුළුවන් නේද? අපි කොතරම් කෘමිනාශක ගහපු කෑම කාලා තියෙනවද කියලා. මේ කියන විදියට අස්වනු නෙලන්න කලින් අඩු ගානේ 3 වතාවක්වත් කෘමිනාශක ගහනවා. කෘමීන් විනාශ කරන ස්වාභාවික ක්‍රම ඕනෑතරම් අපේ තාත්තාලා, සීයලා භාවිතා කරලා තියෙනවා අපි දැකලා තියෙනවා. කුඹුරට වගේම හේන් වලටත්...
සත්ව ආහාර සඳහා යොදාගන්න බැරිද?
කිලෝ 14 000 වම්බටු මෝජුවක් හදන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය අමුද්‍රව්‍ය හා වෙළඳපල කොහොමද හොයාගන්නේ කියලා ඔය මහත්තයා කිව්වා නම් නේද හොඳ ? එහෙම නැත්නම් ඔය කියන බටු බටුමෝජුව හදලා ඔයාටම තමයි කවන්න වෙන්නේ
කිලෝ 14000 ක්?