IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෘමි සතුන් උවදුරෙන් දරුවන් රැක ගනිමු

අප්‍රේල් කියන්නේ රසකැවිලි බහුල මාසයකි. විශේෂයෙන් විවිධ පැණිරස,තෙල් කෑම සුලබව දක්නට ලැබෙන වකවානුවකි. 

බොහෝ නිවෙස්වල කුඩා දරුවන් සිටී නම් කෑම බීම බහුල වීම සාමාන්‍යය. කෑම බීම ඇති තැන්වල  මැසි,කෝඳුරු වැනි සතුන්ගේ ගහණයද බහුලය.  එබැවින් කුඩා කෘමි සතුන්ගෙන් මෙන්ම හූණන්ගෙන්,මැස්සන්ගෙන්, කෝඳුරුවන්ගෙන්, මීයන් වැනි සතුන්ගෙන් කෑම බීම ආරක්ෂා කර ගත යුතුය. කුඩා දරුවන් සිටීනම් විශේෂයෙන්ම නිවස සතුන්ගෙන් මුක්ත කලාපයක් සේම පිරිසුදුව තබා ගත යුතුමය.

සමහර කුඩා දරුවෝ ආහාර පාන නිවසේ සැම තැනටම ගෙන ගොස් කෑමට පුරුදුව සිටිති. කෑම කාමරය මඟ හරින ඇතැම් දරුවන් රූපවාහිනිය නරඹන ගමන් මෙන්ම විසිත්ත කාමරයේ එහා මෙහා ඇවිදින ගමන්ද ආහාර ගැනීමට හුරුවී සිටිති.මේ පැණි රස කෑම හැමතැනම හැළීම නිසා ඉතා ඉක්මනින්ම කෘමි සතුන් ඒ ඒ තැන්වලට ඇදී ඒමත් ඔවුන්ගේ ගහණය ඒ ආශ්‍රිතව වර්ධනය වීමත් ඇරැඹේ. මෙය කුඩා දරුවන්ට හොඳ තත්ත්වයක් නම් නොවේ.

කෘමි සතුන් සපා කෑම නිසා අසාත්මිකතා මතුවූ දරුවන් සේම සමහර දරුවන්ගේ කනට කුඩා සතුන් යාම නිසා ගැටලු මතු වීමට පටන් ගෙන ඇත. එසේම නිවසේ සුරතලයට ඇති කරන සතුන් මත මැක්කන් ,කිණිතුල්ලන් වැනි සතුන් බෝ වීම නිසාද ඉහත තත්ත්වය වඩාත් දරුණු වී ඇත.එනිසා සැවොම මේ කාලයේදී දරුවන් ගැන නිසි විමසිල්ලෙන් පසු වීම වැදගත්ය. ඒ අතර දරුවන්ට කුඩා කල සිටම යහ පුරුදු උගැන්වීමද මවුපිය වගකීමකි.

මේ කාලයේදී බිළින්දෙකු කිසිම හේතුවක් නැතිව හඬයි නම් හැඳ සිටින ඇඳුමේ කුඩා සතුන් සිටීදැයි බලන්න. ඉන්පසුව විදුලි පන්දමක් වැනි දෙයක් භාවිත කර කන ඇතුළත සුපරික්ෂාකාරීව බලන්න. සතකු කන ඇතුළට ගොස් ඇත්නම් සුදුසුම දේ හැකි ඉක්මනින් ළදරුවාව වෛද්‍යවරයකු වෙත ගෙන යාමයි. මෙවැනි විටෙකදී ඇතැම් මවුපියෝ කන තුළ සිටින සතා එළියට ගැනීමට විවිධ දෑ යොදා ගනිති. ඒ සඳහා අඩු ,කටු වැනි දෑද වේ. ඉන්වනුයේ අපි නොසිතන තරමේ හානියකි. මේවායින් කර්ණ පටහා පටළයට හානි ගෙනදීමට පුළුවන. ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් කනට දමා එමගින් කෘමි සතාව කනෙන් එළියට ගත යුතුය. එබැවින් වෛද්‍ය උපදෙස්වලින් තොර කිසිඳු අත් බෙහෙතක් කනට දැමීම ඉතා අහිතකරය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කෘමි සතුන් උවදුරෙන් දරුවන් රැක ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site