(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් රැස්වීමේදී සඳහා ඇමැතිවරුන්ට ජංගම දුරකතන රැගෙන ඒම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.
ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම තහනම පනවා ඇත.
ඇතැම් ඇමැතිවරුන් කැබිනට් රැස්වීම් අතරවාරයේ දුරකතන ඇමතුම් ගැනීම ඇමැතුම් වලට පිළිතුරු දීම ආදිය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තහනම පනවා ඇතැයි වාර්තාවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරමින් අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ෆෝන් ඔබමින් ඉන්න වැඩෙන් රජයේ කාර්යක්ෂමතාවය 50% කින් පමණ අඩුවෙලා. සාමාන්‍ය ජනතාව රජයේ තැනකට වැඩක් කරගන්න ගියාම රස්තියාදුව දෙගුණ වෙලා. මෙයට ඉක්මනින් විසදුම නොදුන්නොත් කුඩු වසන්ගතෙත් එක්ක රට සුන්
ඉතාම හොද ක්‍රියාවක්, කැබිනට් මණ්ඩලය යනු රටක පරිපාලනය පිළිබද තීන්දු ගන්න ප්‍රධාන ආයතනය වේ. ඇමතිවරු පමණක් නොව මන්තිවරුන් පවා බොහෝ අවස්ථාවල සිටින්නේ දුරකථන වලට සවන්දීම හෝ කතාකරමින්ය.
ජන්නදිපතිට බලතල තිබෙන්නේ ඕනේ කියන්නේ ඔන්න ඔය නිසා. ඔය ජනාධිපති බලතල බොහොම සුළුවෙන් බාවිතා කල අවස්තාවක්.
දැන් කැබිනෙට් නායක කවුද? එතකොට ආණ්ඩුවේ නායක? විනය?