
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැබිනට් මණ්ඩලය පත් වන දිනයක් ගැන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කැබිනට් මණ්ඩලයක් පත්නොකර පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වීමට ඉඩ දිය නොහැකි බව කී අනුර දිසානායක මහතා මෙි නිසා මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ගෙන් ඇසිය යුතු වාචික ප්‍රශ්න දිගින් දිගටම කල් දමමින් සිටින බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් මණ්ඩලයක් පත්නොකර පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වීමට ඉඩ දිය නොහැකි නම් නැවත කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ජාතික ජන බලවේගයේ පිරිසක් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන්න...!
මෙයාට තමයි නිර්පාක්ෂික හනුමන්තා කියන්නේ. මොන ආණ්ඩු ආවත් වෘත්තිය සමිති හරහා , අන්තරේ හරහා රටම ගිනි තියන්න, රටම අගාධයට අදින්න මෙයාලා කැපවෙලා ඉන්නවා...
තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වරදක් නොවේ. එහෙත් මෙහි අදහස් පළකර ඇති අයට එරෙහිව ඔවුන්ගේ අදහස් විවේචනය කිරීම පහත් ක්‍රියාවකි. කරුණාකර අනුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න...!
අනුර මහත්තයාට හරි අමාරුයි වගේ කැබිනට් එක නැතිව. ඇයි ඉතින් කට්ටිය පිරිලා ඉන්න කොට ඇස් දෙක දල්වාගෙන අනුන්ට මඩ ගහන කතා කියන්නයි, කිසිම හරයක් නැති කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා අර එළියේ බලාගෙන ඉන්න අහිංසක ශිෂ්‍යයින්ට එයාගේ දැනුම පෙන්නන්නයි පුළුවන්නේ.
ඔහුගේ පාක්ෂිකයෙක් නූනත් කතාව ඇත්ත. වැඩකට නැති පාර්ලිමේන්තු රැස්වීම්වලට රටේ ධනය වැය නොකළ යුතුයි..
මෙයාට ප්‍රශ්නය තියෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යාම. අපිට තියෙන ප්‍රශ්නය ඇමති නැති වුණාම අමාත්‍යාංශ වල ප්‍රශ්න නොවිසඳීම...
කයිවාරුව විතරයි. රට ගිනි තියන්නයි, උද්ඝෝෂණ කරන්නයි විතරයි දන්නේ... අඩුගානේ ඇමැතිකමක්වත් ඉල්ලගෙන රටට සේවය කරන්න හිතුවද?
මොහුවත් අත්තඩංගුවට ගත යුතුයි... රටේ තරුණ දරුවන්ව ප්‍රචණ්ඩත්වයට යොමු කරන වරදට..!
තමන්ට බැරි දේ පුළුවන් කෙනෙකුට කරන්න දීලා කලක් නිහඬව සිටීම ශරීරයට හිතකරයි නේද?
මේ අයට තියෙන්නේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න නෙවෙයි. කැබිනට් එකක් නැති ප්‍රශ්නයක්.. නූගත්කම නම් කතාවෙන්ම පේනවා. මේ දවස්වල ජෙප්පන්ගේ සාක්කු පිරිලා තියෙන්නේ... ඩොලර්වලින්. අනුන්ගේ දුකක් හඳුනන්නේ නැහැ...
ඇයි මොකද හදිස්සිය? ජනතාවට එතරම් හදිස්සියක් නැහැ. තෙල්, පොහොර, බෙහෙත්, පිටි, ගැස් ලැබෙනවානම් ගෙදර කැබිනට්ටුව ගෙනත් තියා ගත්තත් අපිට කමක් නැහැ.