
(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂයපථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති වශයෙන් ද, ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති වශයෙන් ද, ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැති වශයෙන් ද කෙහළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමැති වශයෙන් ද දිවුරුමු දීමට සියල්ල සූදානම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග කිියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වා කියලා මතක තියාගන්න. අනාගතේ දවසක ඇෆ්ගනිස්තානේ තලේබාන්වරුන්ගෙන් ණයක් ගත්තා කිව්වොත් පුදුම වෙන්න එපා.
අතීසාරයට අමුඩය ගැසීමක් වැනිය..
සාරිවල, සාටකවල එල්ලී දිනේෂ් පැමිණි දුර...
කාඩ් කුට්ටම අනනවා වගේ තමයි. මේ ඔක්කොම එකම ඔරුවේ. ඔක්කොම වැඩ බැරි දාසලා....
පඹයින් ටිකකට ඇඳුම් මාරු කරා කියලා හිතාගනිමු...
ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ.., මේ අය එහෙට මෙහෙට මාරු කරනවා. වැඩ බාරගන්න දවසට තියෙන උත්සවේ වියදමට හරියන්නවත් වැඩ කරන්නේ නෑ. අහෝ... අප රටට ගිය කලක්...
හොඳ තීරණයක් අපේ වාසනාව
දිනේෂ් සහ ජී.එල් මහලු බැවින් විවේකාගාරයකට යා යුතුය.
මොන කණ්ඩායමක්ද .... ලංකාව තුළ හොඳින් අධ්‍යාපනය ලැබූ පුරවැසියන් කණ්ඩායමක් සිටින නමුත් ඔවුන්ට රටේ අනාගතය සඳහා දායක වීමට අවස්ථාවක් නොමැත. මෙම නිබන්ධන කණ්ඩායම වැඩිහිටි නිවාස වෙත යා යුතු අතර කිසිදු වගකීමක් භාර නොගත යුතුය. මොන විහිළුවක්ද අපේ දරුවන්ගේ අනාගතය ගැන ඇත්තෙන්ම කණගාටුයි
දේවාලේ කපුවෝ ටික ගෙදර යවලා කෙලින්ම දෙවියන්ට බැරිද දන්නේ නැහැ රට පාලනය කරන්න එන්න ?
ඔවුන් 4 දෙනාම මේ වන විට සිටින්නේ උසස් රජයේ තනතුරු වල නොව වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයේ ය. ආගම සහ ජාතිවාදී දෘෂ්ටිය නිසා අන්ධභාවයට පත් වූ අවාසනාවන්ත මිනිසුන් ශ්‍රී ලාංකිකයන් ය. සැබෑ නායකත්වයක් මතු වී යහපත් අනාගතයක් සඳහා මඟ පෑදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ඔය කොට්ට මරුවෙන්ම පේනවා දැන් ආණ්ඩුව කොහෙද තියෙන්නේ කියලා .තියනවද ?
ගැසට් නිවේදන නිකුත් කිරීම සහ නැවත කැඳවීම වැනි මෙය තවත් අසාර්ථක ප්‍රවේශයකි.
අතීසාරෙට අමුඩ ගැසීමක් වගේ, එකම කුට්ටමේ තමයි....
අති සාර්ථක වෙනසක්. තමන්ගේ අභිමතය ප්‍රකාශ කරවන්න පුලුවන් අයට තමා බරපතල වැඩ භාරදෙන්නේ. ජරාජීර්ණ මහල්ලන් සහ කියන ඕනෑම දෙයක් ලජ්ජා නැතිව කියන කරන අයට තැන. නියම බුද්ධිමතුන් අතුගාන වැඩකට.
විදුලිබල අමාත්‍යධුරය කොමිස් ලැබීමේ වාසනාව ඇති ධුරයක් ලෙසයි සළකන්නේ... කවර පක්ෂයක වුණත් ඩලස් අලහප්පෙරුම මහතාව ජනතාව පිළිගන්නා සහ විශ්වාස කරන පැත්තක් තියෙනවා. එක් එක් පක්ෂයේ මැතිවරණ වියදම් බලනකොට රටේ සත්‍ය තත්වය කාටත් පෙනෙන්නට තිබෙනවා. ගරානාවලට ගැළපෙන ඇමැතිවරු අදාළ ස්ථානගත කිරීමක් ගැන සැක සිතීමට අපට සිදුවෙනවා...
මේ අය පහුගිය කාලේ කරපු වැඩ ලැයිස්තුගත කරලා බලන්න. දැනෙන යමක් කරලා තිබේද නැද්ද කියල. එතකොට මේ අයගේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ,මැතිවරණයේදීම ඇමති වරු සඳහාත් කතිරයක් ගහන්න තැනක් හැදුවනම් හොඳයි. එතකොට ජනතාවමයි ඇමතිවරු තොරන්නෙත් .