(ඉන්දිකා රාමනායක, සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පලාලි යුද හමුදා ගොවිපොළ කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව හමුදාව පවසයි.
2021 මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර ටොන් 3600 ක් නිෂ්පාදනය කිරීමේ මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද හමුදාව කියයි.
වස විස නොමැති කෘෂි කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට දිරි ගැන්වීමක් ලබාදමින් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි‍්‍රයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවද හමුදාව පවසයි.
මෙම ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් කාබනික පොහොර භාවිතයේ ඇති වාසි සම්බන්ධයෙන් ප‍්‍රජාව දැනුවත් කිරීම සිදු කරන බවත්, කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දේශිය ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සදහයද හමුදාව විසින් ලබා දෙන බවද හමුදාව සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කාබනික පොහොර දෙන්න හමුදාවත් පෙරමුණට
Vithana Tuesday, 06 July 2021 02:57 PM
ඡන්ද කාලේ හැම රැස්වීමේම නිකන් දෙනවා කියලා කිව්වේ කාබනික පොහොර මිසක් රසායනික පොහොර නෙවෙයි. රසායනික පොහොර නිකන් දෙනවා කියලා හිතාගෙන ඡන්දේ දීපු ගොවියන් රැවටිලා. ඒක ගොවියන්ගේ වරදක්...
hesa Tuesday, 06 July 2021 03:06 PM
විස පොහොර දමා කළ වගාවන් කෑමට ගන්න හොඳ නෑ කියලා පොළවේ හැපි හැපී විලාප දුන්නු ඈයොම කාබනික පොහොර දෙන කොට ඒකටත් නහයෙන් අඞන්න බලන් ඉන්නවා දැන්...
JayTuesday, 06 July 2021 03:24 PM
දුර දැක්මක් අවශ්‍ය කාලයක් නේද?
JAYASEKARA Tuesday, 06 July 2021 04:35 PM
අර තනි එක්කෙනා ඊළඟපාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේකට මොනවා කියයිද දන්නේ නැහැ.