
(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය පරිපාල චක්‍රලේඛ 10/2025 මගින්, කපා දැමීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක්‍රමය යළි තහවුරු කිරීමට රජය එකඟ වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී එයින් කොටසක් ගෙවීමට රජය යෝජනා කර ඇති අතර, ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම එම සම්පූර්ණ මුදල ගෙවීමට අදාළ චක්‍රලේඛය තුළ නීතිමය ප්‍රතිපාදන සපයා ඇති බවත් ඔහු සඳහන් කළේය.
වසර හතළිහක් පමණ බුක්ති විඳිමින් සිටි විස්සෙන් එකේ දීමනාව තිහෙන් එක බවට පත් කිරීමටත්, වෛද්‍ය වෘත්තිකයින්ට සහ පරිපූරක වෛද්‍ය හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් සඳහා අමතර පැයකට ගෙවන ලද අසූවෙන් එක සහ එකසිය හැටෙන් එකක දීමනා පිළිවෙළින් එකසිය විස්සෙන් එක සහ දෙසීයෙන් එක දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගිහිල්ලා තියෙන රටවල් වලින් දුෂිතම, පහත්ම වෛද්‍යවරයන් ඉන්න රටක් මේක. අප්‍රිකාවේ සමහර දුප්පත් රටවල් හොදයි.
ඔයා අනුපාතයෙන් දිනුව, රජය මුදලින් දිනුව, ඔයාගෙ අභිමානය රැකුන. ජනතාව ඔයගොල්ලන්ගෙ වැඩ ගැන දැනගත්ත.
රිවස් නම් ගෝටා කිවූ කාලේ දැන් එක්ස්පයර්.
මේ සිද්දියෙන් පේනව ආණ්ඩුවට කිසිම ප්‍රායෝගික දැනුමක් නෑ සහ ක්‍රියාකරන පිළිවෙලෙහි බොළඳ බව. හේතුව තමා සෞඛ්‍ය සේවකයන්ගෙ වර්ජන ක්‍රියාමාර්ගයට පසුව මෙය නැවත සංශෝධනය කරපු එක දෙවිදියකට දකින්න පුලුවන්. 1) ආණ්ඩුව විසින් යෝජනා කරපු ක්‍රමය වැරදිනම් ආණ්ඩුවෙ ඉන්නව කියන මහ ලොකු උගත්තුන්ට කිසිම දැනුමක් නෑ.ඒක තම වැරදි ක්‍රමයක් යෝජනා කලේ. 2) ආණ්ඩුව යෝජනා කළ ක්‍රමය නිවැරදිනම්, සෞඛ්‍ය සේවකයන්ගෙ වර්ජන වලට බයේ වැරදි ක්‍රමයකට එකඟ වීම. එහෙනම් ආණ්ඩුවට කොන්දක් නැ. මේ ආකාර දෙකම දිහා බුද්ධිමත්ව බැලුවොත් අවස්තා දෙකෙදිම ආණ්ඩුව වැරදි.
අහිංසක මහජනයාගේ රීරි මාංශය උරාබොන GMO හැතිකරේ සහ මේ අයගේ හැතිකරේ රටට සාපයක්...
ජෙප්පන් ඇතිකළ වර්ජන සංස්කෘතිය දැන් ජෙප්පන්ටම පාරාවලල්ලක් වී හමාරයි.
වෛද්‍යවරුන් රට යන්න උදව් කරනවා..1000ඩොලර් දෙනවා... එක්කෙනෙක් හොයලා දුන්නොත්...!