
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේම පැමිණියහ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට නැවතත් කැඳවීමට නියමිතය.
ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම උපදේශන සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය විය.
මෙම ස්ථානීය පරීක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු, සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න සුපිරි නාට්ටියක්. දෙවෙනි ඉනිම කැලේ මාලිමාවේ නාට්ටි එක්ක බලද්දී 68 ලක්ශයක් අන්දපු ටෙලි සීරීස් එක. "පුනරුදේ"...