
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ලම සක්‍රීය වී පවති.
දැනට සතියකට වැඩි කාලයක් තිස්සේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ප්‍රධාන දිය ඇලි සක්‍රීයව පැවතීම අතිශය සුන්දර දසුනක්ව ලෙස මේ දිනවල දැකගත හැකිය.
අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශ දෙක මේ වන විට පිටාර මට්ටමට ආසන්නව පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
පසුගිය දිනවල ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර හා කැනියොන් යන පොකුරු ජලාශ අධික වර්ෂාවත් සමග වරින්වර පිටාර ගැලීම සිදු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වැස්සට කඳු අතර ඇති නිම්න ඔස්සේ ගලාගෙන යන මඩ වතුර පාරවල් නේද මේ? අපේ ගෙදර වහලිනුත් මෙවැනි දිය ඇලි කිහිපයක් ගලා හැලෙනවා,, හරිම සුන්දරයි..