
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත්කරණ වැඩපිළිවෙළට කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් ලිමිටඩ් වෙතින් අනුවුම් කළ සිලින්ජර් මිලියන 2 ක මුල් තොගයක් දිවයිනට යැවූ බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.
එම සිලින්ජර් තොගයෙන් සිරින්ජ 800,000 ක් පළමු කොටස ලෙස කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙයි කනනාදන් මහතා විසින් භාරගත් අතර එය මේවන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් දිවයිනට එවූ බවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම සිලින්ජර් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූල උසස් තත්ත්වයේ ඒවා ලෙසද සැලකෙන බව එම මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දේ.
නයිරෝබි ගුවන් තොටුපලේ දී පැවති කෙටි උත්සවයක දී කෙන්යාවේ රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොනික් වෝරා මහතා, කෙන්යාවේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කොට මෙම සිරින්ජ තොගය කඩිනමින් යැවීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව මහ කොමසාරිස් කනනාදන් මැතිතුමාට ස්තූති කළේය.
ඉතිරි සිරින්ජ තොගය ලබන සතියේ දී ලංකාවට එවන බවද කෙන්යාවේ ශ්‍රි ලංකා මහකාමසාරිස් කාර්යාලය කියා සිටි.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහනට සහාය වීම සඳහා කෙන්යාවේ නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට එවන ලද පළමු අවස්ථාව මෙයවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ අපිට මේ වගේ දෙයක් වත් හදාගන්න බෑ... අවුරුදු 2500 ඉතිහාස කයිවාරුව විතරයි
ලංකාවේ කාර් හදන්න කලින් සිලින්ජර් ටිකවත් හදමුකෝ. මොකද මේවා පිටරට යවන්න ඕනේ නැහැ ලංකාවේම මාර්කට් එකක් තිබෙනවා. එන්නත් කෙරිල්ල ඔතනින් නවතින්නේ නැහැ.
සුද්දන් ලංකාවට එනවිට ලංකාවේ තත්වයත් සුද්දන් කෙන්යාවට යනවිට කෙන්යාවේ තත්වයත් කොහොමද?
අපේ සර්ටයි, බැසිල්ටයි ඕනෙනම් සිරින්ජර් නෙවෙයි හඳට යන්න රොකට් වුණත් හදන්න පුළුවන්. ඒ ගොල්ලෝ ඇමෙරිකාවෙන් ආපු උගත්තුනේ...
නැදුන්ගමුවේ ඇතා වර්ණනා කරමින්, ඒ තිරිසන් සතාගේ පින් මහිමය ගැන කියවමින් සිටින අයට නොපෙනෙන විනාශයකට රට වේගයෙන් ඇදගෙන යන බවට කවදා වැටහෙයිද?