IMG-LOGO

‘කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි‘

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ගාමිණී සරත් ගුණවර්ධන)

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන්  බැහැරව  වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන්  කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා විසින් උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දීමත් සමඟ අද (06) දා පැවති  මහරගම නගර සභාවේ මාසික මහා  සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

එය පාලනය කිරීමට සභාපති ටිරාජ් ලක්රුවන් මහතා  සභාව විනාඩි පහකට  කල් තැබීමටද කටයුතු කළේය.

මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම  අද ( 06 )  පැවති අවස්ථාවේදී  ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන්  බැහැරව නගර සභාවේ උප සභාපතිවරයාට වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිටියදී චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උප සභාපති සුනිල් පියරත්න මහතා අදහස් දැක්වීමට යාමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්  සිදුවිය.

එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත් ,  උප සභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත්  පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතර තුරදී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර  මන්ත්‍රීවරයා  උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උප සභාපතිවරයාට පහර දුන්නේය.

එම අවස්ථාවේදී සභාවේ උණුසුම්  තත්ත්වයක් හටගත් අතර  එය පාලනය කිරීමට  මන්ත්‍රීවරුන්ට  මැදිහත්වීමට සිදුවුණි .
 

 



අදහස් (1)

‘කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි‘

Pradeep Kumara Wednesday, 06 April 2022 02:32 PM

රටේ මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නවා. මේ අය කෑමවලින් ගහගන්නවා.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 978 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1356 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site