




(සිතුම් චතුරංග)
ජලය කාන්දුවීම හේතුවෙන් කැඩීයාමේ අවදානමක් මතුව තිබෙන කිලිනොච්චිය, කන්දන්කුලම් වැව ආරක්ෂා කිරීම සඳහා අද (22) එහි වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීමට පියවර ගත් බව කිලිනොච්චිය වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.
වැව කැඩීයාමේ අවදානම හේතුවෙන් කිලිනොච්චිය යුද හමුදාව හා ප්‍රදේශවාසීන් රාත්‍රියේ සිට වැලි කොට්ට යොදා වැව් බැම්ම ආරක්ෂා කිරීමේ මෙහෙයුමක නිරතවූ අතර ඒ සඳහා වැලිකොට්ට 2000 අධික සංඛ්‍යාවක් වැව් බැම්ම මත ආරක්ෂාවට යෙදවීම සිදුකෙරිණි.
වැලිකොට්ට යොදා ජලය කාන්දුවීම වළක්වා ගැනීමට නොහැකිවීමෙන් වැව පහළ තිබෙන වගාබිම් හා ඒ ආශ්‍රිත නිවාස ආපදාවෙන් ගලවා ගැනීම සඳහා වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීම සිදුකළ බව වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
කන්දන්කුලම වැවේ සොරොව්ව අසල ජල කාන්දුවක් පවතින බවට ප්‍රදේශවාසීන් කළ දැනුවත් කිරීම අනුව ආපදා කළමනාකරණ ඒකකය, කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය හා දිස්ත්‍රික් වාරිමාර්ග නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැලිකොට්ට යොදා වැව ආරක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
කන්දන්කුලම වැව යටතේ කුඹුරු අක්කර 1000 කට අධික ප්‍රමාණයක් පවතින අතර වැවේ ජල කාන්දුව හේතුවෙන් වැව කැඩී ගියහොත් එම කුඹුරු සියල්ල විනාශවීමේ අවදානමක් මතුව පැවති බව දිස්ත්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.
ජලකාන්දුව වළක්වා ගැනීම සඳහා වැලි කොට්ට යොදා වැව ඇතුළතින් වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට පියවරගත යුතු බවත් එ අනුව අද (22) දිනයේත් වැව් බැම්ම ආරක්ෂා කරගැනීමට හා ජලකාන්දුව වළක්වා ගැනීම සඳහා වැලිකොට්ට යෙදීම සිදුකෙරිණි.
කිලිනොච්චිය 571 වැනි බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබලුන්, ප්‍රදේශවාසීන් හා අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් කන්දන්කුලම් වැව ආරක්ෂා කිරීමේ මෙහෙයුම සඳහා එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්දන්කුලම් වැව රැකගන්න බැම්ම කපයි