IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොන්දෙ අමාරු හදන වැරැදි ඉරියවු

කොන්දෙ අමාරුවලින් අද බහුතරයක්ම පීඩා විඳිති. ඒ පුරුෂ පක්ෂයටත් වඩා කාන්තා පාර්ශවයයි. කොන්දේ වේදනා, කැක්කුම් මේ සෑම දෙයකටම අපේ වැරැදි ඉරියව්, වැරැදි පුරුදු හේතු වන බව ඔබ දන්නවාද? මේ පුරුදු දිගු කාලයක් පුරාම අඛණ්ඩව සිදු වීමෙන් හානිකර ප්‍රතිඵලයද අපටමය. හිඳ ගැනීම, නිදා ගැනීම, බර දෙයක් ඉසිලීම ආදී ක්‍රියාවලදී අපි නිවැරැදි ඉරියව්වේ නොසිටියහොත් පසුකාලීනව කොන්දේ අමාරු ඇති වීමට පුළුවන.

අපි විවේකය ගත කරනවා නම් හෝ හිඳගෙන යම් කාර්යයක නිරත වනවා නම් කොන්ද සෘජුව තබා ගත යුතුමය. එසේ නැතිව බෙල්ල නමා,කොන්දත් කුදු කරගෙන අපහසුවෙන් වාඩි වී සිටීමේදී ලේ ගමනාගමනය අඩාල වී කොන්ද කැක්කුම්,බෙල්ල කැක්කුම් ඇති වීමට හැකිය.

අපි නිදා ගැනීමේදී වුවත් නිවැරැදි ඉරියව්වක සිටීමද අපට පහසුවකි. එසේම ඉක්මනින් නින්ද යාමටත් එය හේතුවකි. සමතලා නොවුණු තැනින් තැන නැමුණු මෙට්ට භාවිත කරනවා නම් එයද නුදුරු දිනයකම ඔබ කොන්ද අමාරුවලින් පෙළෙන බව අඟවන රතු එළියකි. වැරැදි ඉරියව්වකින් වැඩි කාලයක් සිටීම, එය දිගින් දිගටම සිදු වීම පුරුද්දක් වී අවසානයේදී ඊට අනුගත වූ ඔබ රෝගියකු බවට පත් කරවයි.

අපි බරැති යමක් ඉහළට එසවීමේදී වුණත් කොන්ද හොඳින් නවා දෙපා සෘජුවේ තබා ගත යුතුය. ඒවගේම අපට දරාගත හැකි බරක් පමණක් එසවිය යුතු අතර එසේ නොවීමෙන් කොන්දේ ටිෂුවලට බලපෑම් ඇති වී විවිධාකාර රෝගී තත්ත්ව පැන නැගිය හැකිය. නිවැරැදි ඉරියව්ව සැමවිටම සුව පහසු වන අතර වැරැදි ඉරියව් සේම වැරැදි පුරුදු විවිධාකාර ලෙඩ රෝගවලට අපව ගොදුරු කර ගනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කොන්දෙ අමාරු හදන වැරැදි ඉරියවු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site