IMG-LOGO

කාන්තාවකට අතවර කළ සැරයන් අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රඹුක්කන පරපේ ඉහලගම  ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලේ ඇතුළු වී එම නිවසේ සිටි 60 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියමින් නිවසේ අය විසින් බැඳ දමා සිටි පොලිස් සැරයන්වරයෙකු මුදාගෙන පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන්න පොලිස් සැරයන්වරයෙකි.

එම නිවසේ සිටි 60 හැවිරිදි කාන්තාව විසින් කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා මෙම සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

රඹුක්කන පොලීසියේ   රාජකාරි කරන මෙම සැරයන්වරයාගේනායකත්වය යටතේ පොලිස් කොස්තාපල්වරයකු  හා පොලිස් කොස්තාපල් රියදුරෙකු  පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේ සිට පසුදින අලුයම් කාලය දක්වා පොලිස් කැබ්  රථයකින් ජංගම සංචාරයේ යොදවා ඇත.

මෙම පොලිස් සැරයන්වරයා එදින රාත්‍රී 11.30 ට පමණ පොලිස් ස්ථානයට ගොස් ආපසු පැමිණෙන බව සෙසු නිලධාරීන් දෙදෙනාට පවසා පොලිස් කැබ්  රථයෙන් බැස පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඉහලගම ,පරපේ ප්‍රදේශයේ කාන්තාවගේ නිවසට හොරෙකු ඇතුළු වී ඇති බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම්දීමක් අනුවපොලිස් කැබ්  රථයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් දෙදෙනා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුදැක් කැඳවාගෙන එම නිවස සොයා ගොස් ඇත.

නිල ඇඳුමින් සැරසී සිටිය දීම පොලිස් සැරයන්වරයා නිවසෙහි ඉදිරිපිට බැඳ දමා සිටින අයුරු එහි ගිය පොලිස් නිලධාරීන්ට  දැකගැනීමට ලැබී ඔහු මුදා ගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම පොලිස් සැරයන්වරයා නිවසට ඇතුළු වී තමාට අඩන්තේට්ටම් කර ලිංගික අතවර කළ බවට 60 හැවිරිදිකාන්තාව පැමිණිලි කළේ යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

කාන්තාව කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගෙනඔහු නිවසට පැමිණ තිබූ   යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා සැරයන්වරයා  කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස තුන්වෙනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේ යැයි රඹුක්කන පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

කාන්තාවකට අතවර කළ සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site