IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කාන්තාවක අපයෝජනය කර-රන්මාලය කොල්ල කෑ අයෙක් හිරගෙට

(ටෝනි කරුණානායක)

ගම්පහ යක්කල ප්‍රදේශයේ දි කාන්තාවක අපයෝජනය කර ඇගේ රන්මාලය කොල්ලකෑ බවට වන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුට බරපතල වැඩ ඇතිව වසර 17 ක සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(30) නියම කළේය.

චෝදනා දෙකට රුපියල් 25,000 ක දඩයක් සහ අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවීමට ද නියම වු අතර එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 23 ක සිරදඬුවම් නියම කෙරුණි.

වසර 10 කට පසු මෙම සිර දඬුවම ලද්දේ, ගනේමුල්ල කුඩාබොල්ලත පදිංචි ඩි.ජි.චාමික රවි සාන්ත නැමැත්තා ය.

2010ජුලි මස 07 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී යක්කල පිටිවල්ගොඩ දී එවකට 47හැවිරිදි එක් දරු මවක
වු ඇගලුම් කම්හල් සේවිකාවක අපයෝජනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑම විත්තිකරුට එරෙහිව නීතිපති ගොනු කර තිබූ චෝදනා විය.

අගතියට පත් කාන්තාව කඩවත ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කර නිවසට වෙල්යායක් හරහා පයින් ගමන්
කරමින් සිටි අවස්ථාවේ විත්තිකරු අපයෝජනය කර තිබූ බවට මහාධිකරණයේදී කරුණු අනාවරණය විය.



අදහස් (0)

කාන්තාවක අපයෝජනය කර-රන්මාලය කොල්ල කෑ අයෙක් හිරගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site