IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාන්තා ව්‍යවසායකත්ව සම්මානවලට ඩයලොග් දිරි බලය

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කැපී පෙනෙන වෙනසක් ඇති කරමින් සුවිශේෂී නායකත්ව හැකියා පිළිබිඹු කළ විශිෂ්ට කාන්තාවන් අගයමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම යළිත් වතාවක් කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ ඕස්ට්‍රේලියානු රජය සමග අත්වැල් බැඳ ගනිමින් 'Top 50' Professional and Career Women Awards' සම්මාන ප්‍රදානොත්සවයේ ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කර ඇත.

මෙවර මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ 11 වැනි වරටයි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කර සමාජයේ සෙසු කාන්තාවන්ට ද පූර්වාදර්ශ සපයමින් වෘත්තීය කාර්යයේ නිරත විශිෂ්ට කාන්තාවන් 470කට අධික පිරිසක් පසුගිය වසර කිහිපය පුරාවට මෙම සම්මාන උළෙල මගින් ඇගයීමට ලක්කර ඇත. ඒ අතර බැංකුකරණ සහ මූල්‍ය, ආගන්තුක සත්කාර, මාධ්‍ය, නීති, සැලසුම් හා කාර්ය සංවිධාන සහ සැපැයුම් ජාල ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කළ අය වෙති. 'Tpo 50' Professional and Career Women Awards' සම්මාන ප්‍රදානෝත්සවය තුළින් විවිධ වෘත්තීමය ක්ෂේත්‍රයන්හි සේවිකාවන්, ව්‍යවසායිකාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රවල නායිකාවන් ලෙස කාන්තාවන් ඉටුකරනු ලබන විශිෂ්ට කාර්යභාරය ඇගයීමට ලක් කෙරෙන අතර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සමාජීය හා සදාචාරාත්මක වශයෙන් ඉතා වැදගත් දෙයක් බවත්, එය ව්‍යාපාරමය වශයෙන් ප්‍රතිඵලදායක බවත් සනාථ කරයි.

ඩයලොග් සමාගම තුළ කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීමය ඉලක්ක හා අපේක්ෂා ඉටුකිරීමට ඉවහල් වන සෑම පහසුකමක්ම සලසා දීමට කටයුතු කර තිබේ. මීට සමගාමීව ආයතනයේ ප්‍රජා ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන යෙහෙළි (Yeheli.lk/Thozhi.lk) හඳුන්වා දිය හැක. යෙහෙළි යනු භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩිජිටල්, නිර්නාමික පණිවිඩ සේවාවකි. මෙමගින් සමාජයේ විවිධ සංවේදී මාතෘකා සාකච්ඡාවට ලක් කර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් අවශ්‍ය අයගේ රහස්‍යභාවය සුරැකෙන අයුරින් ඔවුන්ට වෛද්‍ය, මානසික සෞඛ්‍ය සහ උපදෙස් ලබාගැනීමේ කාර්යයන් නොමිලේ සලසනු ලබයි.



අදහස් (0)

කාන්තා ව්‍යවසායකත්ව සම්මානවලට ඩයලොග් දිරි බලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site