
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී කාන්තා සැමරුම් දිනය පැවති ඊයේ (08) රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර පෞද්ගලික සරසවියක අධ්‍යාපනය ලබන සිසුවියන් පස් දෙනෙකු , සිසුන් 12 දෙනෙකු ඇතුළු විසි හත්දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර වෛශ්‍යාව තිදෙනෙකුද වන අතර සාදය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ මිතුරන් හතර දෙනකු විසින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් බවද අනාවරනය වී ඇත.
දියතලාව ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සරසවියක අධ්‍යාපනය සඳහා හෝමාගම උඩුවන මහල් නිවාස සංකීර්ණයකට පැමිණ රුපියල් 45000 කුලියට ලබාගත් නිවසක මෙම සාදය පවත්වා ඇත්තේ ඔහුගේ විසි දෙවන උපන්දිනය වෙනුවෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් විස්සක් , වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්, මත්පෙති තුනක්, හා ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා දිනය නෙවෙයි, මව්වරුන්ගේ දිනය කිව්වත් මෙවැනි කාලකන්නි කොටසක් ඉන්නවා දුරාචාරයෙන් සතුටවන. ඉතින් මෙවැනි පංච උපාදානස්කන්ධ වලින් රටකට වැඩක් වෙයිද?
අනේ මන්දා රටට මොනවද වෙන්නේ කියලා. පහුගිය දවස්වල කුඩු අල්ලන්න ලොකූ මෙහෙයුමක් කරා නේද? මට නම් පේන්නේ කිසිම වැඩක් වෙලා නැහැ වගේ...!
හෙනම ගහන්න ඕනේ පොලිසියට...!
මාර වැඩක් දීලා... අයියෝ...!
ඉතින් අපට මොකද? කොහොමත් අපි දන්නවා සරසවි ගියා කියලා මිනිස්සුන්ගේ මොරාල් ප්‍රින්සිපල්ලා හදන්නේ නෑ. ඔවුන් නිකන් රොබෝලා ටිකක් විතරයි.
ආපු අය දිහා බැලුවාම කාන්තා සමුළුවක් තියලා වගෙයි...
අධ්‍යාපනයේ ඉහළටම ඉගෙනගන්න ළමයි කරන දේවල්. මොනවාද මේ ලංකාවේ ළමයින්ට උගන්වන්නේ...? අධ්‍යාපනයේ ලොකු වෙනසක් අවශ්‍යයි. ඒකට හොඳ අධ්‍යාපනයක් ඇති කෙනෙක් අවශ්‍යයි... අර යුක්තිය මෙහෙයුමට මේ අය ගෙනාපු මත්ද්‍රව්‍ය අහුවෙලා නැද්ද...? පව් දෙමව්පියෝ මේ ළමයින්ගේ...!
අනේ හැබෑට මේ යුක්තියට මොකද වුණේ? තනතුර ස්ථිර වුණාට පස්සේ නැවතුණාද? නැත්නම් ඒ කොන්දේසියට අනුව තනතුර ස්ථිර කළාවත්ද?
අම්මෝ ඉතින් හම්බවෙලා තියන මහලොකු ප්‍රමාණය බලන්නකෝ? මේ දවස්වල ඔය ලොකු ලොකු ඉස්කෝලවල බිග් මැච් වෙලාවක පැන්නා නම් ඔය වගේ කී ගුණයක් ඔය කියන ජාති හොයා ගන්න තිබ්බාද?
තමන්ගෙ සල්ලිවලින් කාටවත් කරදරයක් නොවී කාලා බීලා සතුටුවෙන එක නීති විරෝධී දෙයක් වෙන්නේ මොන නීතියෙන්ද?
මෙම අය පුද්ගලික අධ්‍යාපන ආයතනයක් වන අතර රජයේ විශ්ව විද්‍යාල සිසුන් නොවේ උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන් පේරාදෙණිය, මොරටුව, කොළඹ, යාපනය, සබරගමුව, නැගෙනහිර, රුහුණ, සිටින අතර ඔවුන්ට මෙවැනි සාද දැමීමට කාලයක් නොමැත... ඔවුන් අමතර වශයෙන් කරන්නේ සමාජ අසාධාරණයට එරෙහිවීම පමණි.