(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
මෙම යෝජනාවේ අන්තර්ගත සාවද්‍ය තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කරන බව කී විදේශ අමාත්‍යවරයා, එහි අන්තර්ගතය හා කැනේඩියානු රජයේ ස්ථාවරය වන ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට, කිසිවක් අනාවරණය වී නැතැයි ද සඳහන් කළේය.
අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩ බලන මහ කොමසාරිස් ඇමැන්ඩා ස්ට්‍රෝහන් මහත්මිය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති හමුවකදීය.
නිශ්චිත නෛතික අර්ථ සහිත එවැනි තාක්ෂණික යෙදුම් ප්‍රවේශමෙන් සහ වගකීමෙන් යුතුව භාවිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කැනේඩියානු රජයේ ඕනෑම ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු එය අනුමත කිරීම හේතුවෙන් මතුවන අන්තරායන් පිළිබඳව ද සඳහන් කළේය.
එම යෝජනාවේ ඇති සාවද්‍ය සහ අගතිගාමී ස්වභාවය මෙන්ම එවැනි හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව පොදු සන්දර්භය තුළ ජනිත වන නිෂේධාත්මක අදහස් පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, එම යෝජනාවේ අඩංගු වැරදි නිවැරදි කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස කැනේඩියානු රජයෙන් ඉල්ලීමක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා නම් වැරැදියි තමයි... ඒත් අනිත් රටවල් අපිට මොනවා නොකර ඉඳීද? නුඹලාම මේ රට කනකොට... කාලකණ්ණි දේශපාලකයෝ... හෙණම ගහනවා... මේ රටට කරපු දේට.
එහෙට මෙහෙට පැන පැන තමුන් කරපු හරියත් අපි නොදන්නවා නෙවෙයි. තවත් වැඩකට නැති කෙනෙක්?
රට හිඟමනට වැට්ටුවාම ලෝකයේ රටවල් ගණන් ගන්නේ නැහැ. ඉන්දියාවේ හිඟන්නෙක් සල්ලි දුන්නා.. ආයේ දකුණු ඉන්දියාවේ තේ කඩේක දැන්වීමක් දාලා සල්ලි එකතු කළාලු. ටයිපොලු දාගෙන ලෝකය වටේ ගියාට දැන් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ ඔහෙලව..
ඒ අයගේ දේවල් හෙව්වොත් ලෝකෙම ගඳගහනවා...
කැනේඩියානු පාර්ලිමේන්තුවේ පමණක් නොව වෙනත් රටවලත් ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනා සම්මත වේ. ත්‍රස්තවාදය අවසන්ව වසර 13 ක් ගතවුවද ජනවාර්ගික අර්බුදය සහ දෙපාර්ශවයේ වෛරය/චෝදනා එසේම පැවතීම උතුරේ සහ දකුණේ ජාතිවාදී අර්බුදයක් වශයෙන් පෙනුණද/ හැඳින්වුවද මෙම කරුණ ලංකාවේ දේශපාලන ආර්ථික සහ විදේශීය රටවල් සමග ගනුදෙණු කිරීමේදී මතුවන ගැටළුවකි. මෙම කරුණ විසඳාගත හැකිවන්නේ ශ්‍රී ලංකාවේ රජය සහ ගෝලීය දමිල කණඩායම් සමස්ත ශ්‍රී ලංකික ප්‍රජාව වෙනුවෙන්ම දෙපාර්ශවයෙන්ම සිදුවූ සිදුවීම් පිළිබඳව එක මතයකට පැමිණ අවංකවම කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පමණි. එකඟතාවයකට පැමිණීමට කැනඩාව, ප්‍රංශය, ඇමෙරිකාව හෝ මහ බ්‍රිතාන්‍යය මැදිහත්කරුවකු වශයෙන් යොදා ගැනීම පහසුවෙන්ම කළ හැකිවේ..
පාකිස්තානයේ ඝාතනයට ලක්වූ ප්‍රියන්ත සහෝදරයාට වන්දි මුදල් ලබා දෙන්න මෙයා මැදිහත් වුණා කියලත් බොරුවක් කිව්වා. එහෙම හැකියාවක් මෙයාට තියෙනවා නම්, මේ පනත කැනේඩියානු පාර්ලිමේන්තුවෙන් අයින් කරලා පෙන්නන්න කෝ?
විදෙස් රාජ්‍යයන් මෙයාව ගණන් ගනියිද?