(විමුක්ති එස් රුද්‍රිගු)
මානව හිමිකම් කඩ වීමට ලක්වූවන්ට සවන් දෙමින් කැනඩාව රාජපක්ෂ සහෝදරයන්ට සහ හමුදා නිලධාරීන් දෙදෙනාට දැඩි සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කළ බවත් ජී7 සාමාජික රටවල් කැනඩාව සමඟ එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය අයි.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
මානව හිමිකම් කඩවීමට ලක්වූ දෙමළ ප්‍රජාව දීර්ඝ කාලයක් දුක් විඳි බවත් වේදනා විඳි බවත් ඔවුන්ට යුක්තිය ළඟා කරදීම සඳහා වගවීම පිළිබඳ සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් එය කළ හැක්කේ ජාත්‍යන්තර මට්ටමින් පමණක් බවත් ජොලී මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.
කැනඩාව සමස්ථයක් ලෙස දැඩිව මානව හිමිකම් ආරක්ෂා කරන රටක් බවත් එසේම ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික මටට්මෙන් මානව හිමිකම් ගෝලීයව ආරක්ෂා කළ යුතු පද්ධතියක් තිබිය යුතු බවට කැනඩාව විශ්වාස කරන බවත් ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.
රටක මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් ගැන සොයා නොබලා ව්‍යවස්ථාදායකයට මුවා වී සිටීමට හැකියාවක් නොමැති බව ජොලී මහත්මිය පවසා තිබේ.
ශ්‍රී ලංකාවට සාමය ඇති වීමට නම් සත්‍ය එළියට පැමිණිය යුතු බවත් එසේම මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ලෝකයා බලා සිටින බව දැනගත යුතු බවත් ඇය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය එසේ කලයුතුමයි.
හැකි ඉක්මනින් සිංගප්පූරුව, ඩුබායි සහ මාලදිවයින මේ අයට තහනම් කරන්න ඕනේ. සියලු දේපලද සමග.
උතුරේත් දකුණේත් මානව හිමිකම් කඩවීමට ලක්ව දීර්ඝ කාලයක් දුක් වේදනා විඳින ඔවුන්ට යුක්තිය ළඟා කරදීම සඳහා වගවීම පිළිබඳ සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක ජී 7 රටවලට සහයෝගය ලබා ගනිමු.
යුද අපරාධකාරයෝ.. මුන්ට නඩු දාලා එල්ලුම්ගස් යවන්න ඕනි.
We can not wait for the good news.
මුන්ව මහපොලොවෙන් අතුගාලම දාන්න උන්ට පන්දන් අල්ලන අනික් උනුත් සමග. උන් මේ රටේ ඉන්න එකම රටට හෙනයක්.
These people should not be allowed to get in to any civilized country since they have committed enormous amount of crime against humanity.
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අගයන සියලුම රාජ්‍යයන් මේ තීරණය ක්‍රියාත්මක කළ යුතුයි. හැකි නම් මෙයා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙදි යෝජනාවක් ලෙස ගෙනෙන්න. දෙන්නටම දැන් අපේ රටේ නම් හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද බොහොමයක් ලැබෙනවා.
මේ ජරාපක්ෂලාගේ පවුල් පිටින් හිරේ දැමිය යුතුයි. මුන් ඒතරම්ම පාතාලයෝ. කිසිම විදේශීය රටකට ඇතුළු වෙන්න දෙන්න එපා. හැබැයි කොහොම හරි මුන්ට විරුද්ධව තියන සෑම මිනීමැරුම්, වංචා, දූෂණ, භීෂණ චෝදනා වහාම විදේශීය මැදිහත් වීමකින් හරියාකාරව පරීක්ෂණ කර මුන්ටයි මුන්ගෙ හෙංචයියොන්ටයි දඬුවම් දිය යුතුයි. අනෙක් කෙනා සාටක කපුටා. අනෙක් අය ලවා ඔක්කොම කරගෙන දන්නේ නෑ වගේ ඉන්නේ. ඒ ගැනත් පරීක්ෂණ තියලා දඬුවම් දෙන්න.
දෙමළ ජනයාට විතරක් නොවේ... ලංකාවේ සතා සිව්පාවගේ ඉඳන්ම තුන් වේලෙන් එක වේලක්වත් කන්න බැරි තරමට ඔය සෙට් එක මානව හිමිකම් නැති කළා. එහෙව් මොවුන්ට ඔය තහනම හොඳ වැඩියි...
ලෝකෙම රාජපක්ෂලාට විරුද්ධ උනත් රට වෙනුවෙන් දෙමලාට හම්බයාට කරන්න ඕන දේ ඔවුන් කළා. ඔවුන්ට මගේ ප්‍රණාමය. රාජපක්ෂලා 2005 බලයට නාවානම් රනිලයා ISGA ගිවිසුමෙන් 2/5 දෙමළුන්ට දීලා. එහෙනම් මේ වෙනකොට රටම දෙමල්ලු අල්ලාගෙන, කැමති කෙනෙක් ගූගල් කරලා ISGA ගිවිසුම කියවන්න