
කර්තෘ සටහන: CGTN පුවත් වෙබ් අඩවියේ, 'First Voice' තීරුව මගින් නැගී එන ගෝලීය ගැටලු පිළිබඳ චීන දෘෂ්ටිකෝණයෙන් සාකච්ඡා කෙරේ. මෙම ලිපිය මගින් කැනඩාව සහ චීනය අතර පවතින නව ආර්ථික සබඳතාවල ස්වභාවය විශ්ලේෂණය කෙරේ.
තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී.
"අප ලෝකය දකින්නේ අපට අවශ්‍ය ආකාරයට නොව, ලෝකය පවතින සැබෑ ආකාරයටයි." යැයි චීනය සම්බන්ධයෙන් තම ප්‍රවේශය පැහැදිලි කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැවැසීය. ඒ, ඉකුත් ජනවාරියේ කළ චීන සංචාරය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. කැනඩා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝකය වෙනස් වී ඇති බවත්, චීනය සමඟ සබඳතා වැඩිදියුණු කර ගැනීම නව ලෝක ප්රවනතා සඳහා කැනඩාව මනාව සූදානම් කරන බවත්ය.
කැනඩාවේ ආර්ථික අනාගතය රැඳී ඇත්තේ චීනය සමඟ පවතින සබඳතාව බුද්ධිමත්ව කළමනාකරණය කිරීම මත බව පැහැදිලිය. කාර්නිගේ බීජිං සංචාරය පෙන්නුම් කරන්නේ, යථාර්ථයෙන් බැහැරව සිටිනවා වෙනුවට එම සැබෑ තත්ත්වයට මුහුණ දීමට ගත් තීරණාත්මක පියවරකි. චීනය යනු කැනඩාවට ‘තිබුණොත් හොඳයි’ යන වර්ගයේ වෙළඳපොළක් නොවේ; එය කැනඩාවේ වර්ධන ආකෘතියට, විවිධාංගීකරණ උපායමාර්ගවලට සහ දිගුකාලීන තරඟකාරිත්වයට ව්‍යුහාත්මකව වැදගත් වන්නකි.
පළමුවෙන්ම, කැනඩාවේ ඉහළ ජීවන තත්ත්වය පවත්වා ගැනීමට අවශ්‍ය මිල ගණන් යටතේ කැනේඩියානු අපනයන විශාල වශයෙන් මිලදී ගත හැකි ලොව පවතින සීමිත වෙළඳපොළවල් කිහිපයෙන් එකක් වන්නේ චීනයයි. කැනෝලා තෙල් සහ ලොබ්ස්ටර් සිට ද්‍රව ස්වභාවික වායූ (LNG) සහ තීරණාත්මක ඛනිජ සම්පත් දක්වා, චීනයේ ඉල්ලුම මගින් යුරෝපයට හෝ ආසියාවේ අනෙකුත් කොටස්වලට ලබා දීමට අපහසු ඉහළ වර්ධනයක් කැනඩාවට හිමිවේ.
අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් සති කිහිපයක් ඇතුළත, චීන ආනයනකරුවන් මෙට්‍රික් ටොන් 650,000ක පමණ කැනෝලා තොග ඇණවුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි. මෙය 2024 වසරේ චීනයේ මුළු කැනෝලා ආනයනයෙන් සියයට 10 කට වඩා වැඩි ප්රමාණයකි.
එපමණක් නොව, කාර්නිගේ සංචාරයෙන් පසු චීනය විසින් ලියාපදිංචි කරන ලද කැනේඩියානු මස් සැකසුම් ආයතන 20 ක් සඳහා සිය හරක් මස් වෙළඳපොළ යළි විවෘත කර ඇත. 2021 දී මෙම අපනයන නතර කිරීමට පෙර, කැනඩාව වාර්ෂිකව ඩොලර් මිලියන 200ක පමණ හරක් මස් චීනයට අපනයනය කළේය.
“ලොව විශාලතම හරක් මස් අපනයන වෙළඳපොළක් වන චීනයට යළි ප්‍රවේශය ලැබීම ගැන අප සතුටු වෙනවා. සෑම වෙළඳපොළක්ම අපගේ ගොවීන්ට වැදගත් වන අතර එය කර්මාන්තයේ වර්ධනයට සහ ඔරොත්තු දීමේ හැකියාවට සහය වෙනවා” යැයි කැනේඩියානු ගව පාලකයන්ගේ සංගමයේ සභාපති ටයිලර් ෆුල්ටන් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.
මීට අමතරව, ඌරු මස් සහ ගව ජාන විද්‍යාත්මක නිෂ්පාදන සඳහා ද ප්‍රවේශය ලබා දී ඇති අතර, කැනේඩියානු සුරතල් සතුන්ගේ ආහාර සඳහා ද සිය වෙළඳපොළ කඩිනමින් විවෘත කිරීමට චීනය එකඟ වී ඇත. මෙම පියවරයන් කැනඩාව පුරා සිටින ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් සහ විශ්වාසදායක විකුණුම් අවස්ථා නිර්මාණය කිරීමට සෘජුවම දායක වේ.

කැනඩා අග්‍රාමාත්‍යවරයා චීනයට පැමිණි අවස්ථාව ...
“චීනය සමඟ ප්‍රායෝගිකව කටයුතු කිරීමෙන් අප කැනේඩියානුවන්ට දෘශ්‍යමාන වාණිජ ප්‍රතිඵල ලබා දෙමින් සිටිනවා. මෙමගින් අපගේ ගොවීන්ට විශාල වෙළඳපොළක් විවෘත වන අතරම, කැනඩාව ගෝලීය වශයෙන් තරඟකාරී මට්ටමක තැබීමටත් රැකියා අවස්ථා ආරක්ෂා කිරීමටත් උදවු වෙනවා” යැයි කැනඩාවේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මනින්දර් සිධු සඳහන් කළේය.
තව ද, කැනඩාවේ බලශක්ති අපනයනය ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බට විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන කාර්නිට, චීනයේ LNG සහ විද්‍යුත් වාහන (EV) බැටරි සඳහා අවශ්‍ය ඛනිජ ඉල්ලුම විශාල ශක්තියකි. ට්‍රාන්ස් මවුන්ටන් නල මාර්ගය ව්‍යාප්ත කිරීමෙන් පසු කැනඩාවේ බොරතෙල් චීනයට අපනයනය කිරීම සියයට 84 කින් ඉහළ ගොස් ඇති අතර, චීනය දැන් කැනේඩියානු බොරතෙල් මිලදී ගන්නා ප්‍රධානතම රට බවට පත්ව ඇත.
චීන ප්රාග්ධනය සහ තාක්ෂණික හවුල්කාරිත්වය මගින් කැනඩාවේ තීරණාත්මක ඛනිජ ව්‍යාපෘති දියුණු කළ හැකිය. “කැනඩාවේ මෝටර් රථ කර්මාන්තය අපගේ ආර්ථිකයේ කොඳු නාරටියයි. චීනය සමඟ ඇති කරගත් මෙම එකඟතාව මගින් නව ආයෝජන අවස්ථා උදාවන අතර මීළඟ පරම්පරාවේ වාහන නිෂ්පාදනයේදී කැනඩාව විශ්වාසදායක හවුල්කරුවකු ලෙස ස්ථානගත වේවි” යැයි කැනේඩියානු කර්මාන්ත අමාත්‍ය මෙලනි ජොලි පවසා ඇත.
කැනඩා-චීන සබඳතා ගැඹුරු වීමෙන් අපනයන වෙළඳපොළවල් විවිධාංගීකරණය වන අතර, එමගින් එක් රටක් පනවන තීරුබදු නිසා කැනේඩියානු කර්මාන්තශාලා සහ ගොවිපළවල් අඩපණ වීම වළක්වා ගත හැකිය. එමෙන්ම, මෙමගින් යටිතල පහසුකම් සහ හරිත තාක්ෂණය සඳහා අවශ්‍ය ආයෝජන ද ආකර්ෂණය කරගත හැකිය. බීජිං සමඟ සබඳතා වර්ධනය කර ගැනීමෙන්, ඉදිරි දශක කිහිපය තුළ ලෝක ආර්ථිකය හැඩගස්වන විද්‍යුත් වාහන සහ බැටරි තාක්ෂණය වැනි ආසියානු සැපයුම් දාමයන් සමඟ කැනේඩියානු සමාගම් සම්බන්ධ වනු ඇත.
කැනඩාව සුපිරි බලවතකු නොවෙයි. මධ්‍ය මට්ටමේ බලවතෙකි. බෙදී යන ලෝකයක, කැනඩාව වැනි මධ්‍යම මට්ටමක බලවතුන් පැවතිය හැක්කේ එක් සුපිරි බලවතකුට පමණක් ඇලී සිටීමෙන් නොව, චීනය වැනි නොසලකා හැරිය නොහැකි රටවල් සමඟ ආර්ථික සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමෙනි.
කර්තෘ පිළිබඳ සටහන: ජියෑන්ක්සි ලියු යනු බීජිං පදනම් කරගත් දේශපාලන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂකයෙකි. ඇය වසර 10 කට වැඩි මාධ්‍ය අත්දැකීම් ඇති තැනැත්තියකි. ඇය නිරන්තරයෙන් ඇමරිකාව, යුරෝපා සංගමය සහ මැදපෙරදිග පිළිබඳ ලිපි සම්පාදනය කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd