
(වයි.ඵ්.ඵස් වීරවංශ සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන අද (29) රාත්‍රී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අබියසින් ආරම්භ වු උද්ඝෝෂණය කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පබහින්න මං සන්දිය දක්වා ගමන් කර විරෝධතාවයක් දෑක්වුහ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණක නෙරංජ සිසුවා කියා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය නතර කරන තුරු දිගටම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතලාවල පීඨයට සිසුන් බදවා ගැනීම විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිසමට පමණක් බලය දෙන්න. එවිට ප්‍රශ්ණයක් නැහැනේ…???
කුහක කම දොස්තර කමට වඩා ලොකු යි
ළමයිනේ ලංකාව ඇතුලෙ වෛද්‍ය විද්‍යාල ඇතිවෙනවා දකින්නට අකමැති නුඹලා රටේ සංවර්ධනය වෙනුවෙන් ගතහැකි විනිමය වැයකර විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනුම ලබාගෙන එනවාට විරුද්ධව උද්ඝෝෂණ නොකරන්නෙ ඇයි බොලව් .අපි අහල තියෙන ලෙසට කෙනෙකුට හෝ පිරිසකට අධ්‍යාපන බාධා කරන එවුන්ට උපදින කිසිම ආත්මයක උගතෙක් බුද්ධිමතෙක් වෙන්න බැරි ආකාරයට මන්ද මානසික වෙනවා එනිසා ඔය ඊර්ෂ්‍යාව හා කුහකත්වය වහාම නවතා නුඹලාගෙ වැඩක් බලාගෙන හිටපල්ලා
තමන්ට වඩා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම ලත් සිසුන් රැසක් දිස්ත්‍රික් පදනම නිසා ඉවතට ගිය බව දැනගන්න ඕන. ඒ වගේම මහජන බදු මුදලින් නොමිලේ ඉගෙනගන්න අය මුදලක් ගෙවල ඉගෙන ගන්න අයට විරුද්ධව කටයුතුවල යෙදෙන්න ඇති අයිතිය කුමක්ද? අනික විදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබන එකත් මෙරටදී ලැබීමත් අතර වෙනස මොකක්ද? ආත්මාර්ථකාමීත්වය පමණයි.
මුන් වගේ කාලකන්නි සක්කිලි ජාතියක් තවත් ලංකාවේ නෑ .මුන්ගේ තනිකරම තියෙන්නේ කුහක කම
පින් ගොන්නු රැලක්
ශිෂ්‍යාභාවය අහෝසි කරල ගහල පන්නන්න ඕනි
මුන්ට පිස්සු
මාගේ පුද්ගලික අදහසට අනූව නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවට සිදු වූ හොඳ දේවල්වලට වඩා සිදු වූ නරක සහ අවාසි වැඩිය. CWW කන්නංගර මහතා විසින් සිදු කළ යුතුව තිබුනේ දුප්පත් ළමයින්ට 100% නොමිලේ සහ ධනවත් පවුල්වල සිසුන්ට මුදල් ගෙවා ඉගෙන ගැනීමට හෝ යම් ප්‍රතිශතයක් ගෙවීම ආදී පුද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල ඇති කිරීමයි. එසේ වූවානම් කාටත් සාධාරන ලෙස ඉගෙන ගැනීමටත්, ලංකාවෙ දූපත් මානසිකත්වය නැති කිරීමටත්, රජයේ වියදම අවම වීමත්, අන්තරේ සහ වි වි මහාශිෂ්‍ය සංගම් වැනි පිස්සන් නැති වීමත්, රටේ සියලුම ජනතාව එක හා සමාන වීමත් රට දියුණු වීමත් සිදු වේ. මෙවැනි පිස්සන් රජයේ මුදල් නාස්ති කරමින් තමන්ටත් රටටත් වැඩක් නැති මෝඩයන් බවට පත් වී ඇත. පිටරට ළම්යි මේ කෝලම් නොකරන අතර තමන් ඉගෙන ගෙන රටට සේවයක් කරයි.
ඔය විශ්ව විද්‍යාලයට සබරගමුව කිව්වට පිහිටීම තියෙන්නෙ සබරගමුවේ මායිමේ වෙන්න බදුල්ලට ඉතාමත් ආසන්නව නිසා සබරගමුව කියන නම ඉවත්කරනවා නම් හොදයි .කොළඹට කිරි ගමට කැකිරි වගේ සබරගමුවට ලොක්කන්ගේ තියෙන කුඩම්මාගේ සැලකිල්ල මෙයින් පේනවා
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කියන එක වැදගත් .රජයේ අධ්‍යාපනයටත් ආචාර්යවරු නෑලු .අපේ රටේ කරන්නේ හිතවත් අය බඳවා ගැනීම සහ රජයේ අධ්‍යාපනය දුර්වල කර පුද්ගලික අධ්‍යාපනයට පහසුකම් වැඩි කිරීම .ඒවා තමා වෙනස්
යථාර්ථය ගැන සෑම දෙයක්ම ඊර්ෂ්යාවයි, මන්ද මානසික, හා කුහකත්වය ඒ හැර ??????????. විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනුම ලබාගෙන සහ රජයේ රෝහල් වල සේවයේ යෙදී සිටින අයට විරුද්ධව වෛද්ය විද්යාල සිසුන්ගෙන් කිසිදු පැමිණිල්ලක් නොමැත. ඔබේ කනස්සල්ලට හේතුව කුමක්ද? ඔබ යෝජනා කරන පිළියම කුමක්ද? කරුණාකර එය ප්රසිද්ධ කරන්න. ආපහු ගම්වලට ගිහින් ගොවිතැන් වැඩ ටිකක් කරලා රටේ දියුණුවට උදව් කරන එක හොඳයි. දුප්පත් බදු ගෙවන්නන් සහ දෙමව්පියන්ගේ මුදල්.වියදම් නොකර