
(යොහාන් භාසුර)
බිංගිරිය පොලිස් වසමේ පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත්තේ යැයි සැකකරන රුපියල් ලක්‍ෂ 30 කට අධික වටිනාකමින් යුත් වැගන් ආර් වර්ගයේ කාර් රථයක් නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන පොලිස් කොට්ඨාසය බාරයට ගෙන තිබේ.
නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ෂණ පොලිස් කොට්ඨාසයේ 1917 ක්ෂණික දුරකථන අංකයට ලැබුණු තොරතුරකට අනුව කළ මූලික පරීක්‍ෂණයකට අදාලව එම පුද්ගලයා සහ කාර් රථය බිංගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් මුදල් විශුද්ධිකරණ පනතේ 7.1 වගන්තිය ප්‍රකාරව නීතිවිරෝධී දේපළ විමර්ෂණ පොලිස් කොට්ඨාසය කාර් රථය බාරයට ගත් බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
බිංගිරිය, පහළ අරඹේ, වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි ‘කතිරයා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 41 ක් හැවිරිදි පුද්ගලයාගේ කාර් රථය මෙසේ බාරයට ගත් බවත් මුදල් විශුද්ධිකරණ පනතේ 8.1 වගන්තිය යටතේ මාස තුනක් කාර් රථය බාරයේ තබාගෙන විමර්ෂණ කිරීමට අධිකරණයෙන් අවසර ගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැගන් ආර් රථයක් දැන් ලක්ෂ 50-60ත් අතර මිලක් වෙනවා..
බිංගිරියේ කතිරයා කරලා ඇත්තේ වරදක්. නමුත් කතිරය ගසා පත්කරපු මහා පරිමාණ ජාවාරම් කාරයෝ නිදැල්ලේ.