(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව කතානායකවරයා සිය නිල නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.
මේ අනුව මෙතෙක් කොවිඩ් ආසාදනයවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ යනු ඇත.
කොවිඩ් ආසාදිත සේවකයෝ තිදෙනා රාජගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ සිටිති.
කතානායකවරයාට සහ එම සේවකයන් තිදෙනාට ආශ්‍රිතවූ ආරක්ෂක නිලධාරීන් ඇතුළු පස් දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කතානායකවරයා පසුගිය දිනවල විවිධ උත්සව ගණනාවකටම සහභාගිවී ඇති අතර එම උත්සව වලට පැමිණ සිටි කොවිඩ් ආසාදිතයකුගෙන් ඔහුට රෝගය බෝවන්නට ඇතැයි සැක කෙරෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
කතානායකවරයා දකුණු කොරියානු කතානායකයා ඇතුළු පිරිසක්ද පසුගියදා හමුවිය.
කතානායකවරයාට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලයද විෂබීජහරණය කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.
කතානායකවරයාට කොවිඩ් ආසාදනයවී ඇතත් ඔහුට කිසිදු අමාරු තත්ත්වයක් නොමැති බව පවසන පාර්ලිමේන්තු නිලධාරීහු කතානායකවරයා බූස්ටර් එන්නතද ලබාගෙන සිටින බව ප්‍රකාශ කළහ.
රෝග ලක්ෂණ කිහිපයක් පහළ වීම නිසා කතානායකවරයා ඉකුත් 26 වෙනිදා පීසීආර් පරීක්ෂණයකට යොමුවී ඇත. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබුණේ පෙරේදා (27) දිනයේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කතානායකටත් කොවිඩ්
Udhuli Friday, 28 January 2022 10:14 PM
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා...!!!
Rohana Saturday, 29 January 2022 09:36 AM
කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට රැස්වීම්, ජනහමු නොපැවැත්විය යුතු බවට සෞඛ්‍ය උපදෙස් දී තිබියදීත් ඒවා පිළිනොපදිනවිට ඕනෑම කෙනෙකුට රෝගය වැළඳිය හැකියි...
C.K.Lankaputhra. Saturday, 29 January 2022 11:04 AM
ඔය රෝගෙට ධම්මික පැණිය ගුණයි කියනවා නේද සර්...?
Shan Saturday, 29 January 2022 01:43 PM
මේ වතාවේවත් රටට සෙතක් වන ආරංචියක් අහන්න ලැබේවා...!