(ඩයනා උදයංගනී)
වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ගෘහ රැකියා සඳහා විදේශගත කාන්තාවන් විදේශගතවීමේදී ඔවුන්ට වයස අවුරුදු 5ට අඩු දරුවන් නොසිටින බව තහවුරු කරගැනීම සඳහා ‘පවුල් පසුබිම් වාර්තාවක්’ ඉදිරිපත් කිරීම අනිවාර්ය අතර, එයින් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදුවන බවට කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර ඇති අන්තර්ජාතික වාර්තා කිහිපයකින්ම පෙන්වා දී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ඇතැම් අවස්ථාවලදී එම වාර්තාව ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබුණ ද ඇතැම් නිලධාරීන් විවිධ හේතු මත එම වාර්තා ප්‍රමාද කරමින් අදාළ කාන්තාවන් අපහසුතාවයට පත්කරන බවට කරුණු ඉදිරිපත් වී ඇති බවත්, එමෙන්ම අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොමැති කාන්තාවන් ද නීති විරෝධී ආකාරයෙන් විදේශගත වී විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 21 තරුණියන් ගෘහ සේවය සඳහා යන්න නීති සැකසී තිබුණා . මින් වඩාත් සතුටු වන්නේ හාම්පුතුන් වග කිසිවෙකුත් නොසිතනු ඇත. තරුණ කතුන් ගෙන් රස නහර පිනවීමේ අරමුණින් ඔවුන් මග බලා සිටිනු ඇත. දැන් මව් වරුන්ද පුංචි දරුවන් දමා රට යනු ඇත. දේශපාලනය විතරක් දන්න මිනිසුන් ගැන මොනවා කියන්නද ? ගෘහ සේවයට අපේ ළඳුන් යවන එක වෙනුවට කළ යුත්තේ පිලිගත් රැකියාවක් සඳහා සුදුසුකම් ලද අය රට යැවීමය. මෙවා කාට කියන්නදැයි නොතේරේ. රටකට වුණු දෙයක් !!!
ලංකාවට ඩොලර් එවනවා නම් ආයේ වයස මොන ප්‍රශ්නයක්ද? රටේ ඉන්න ගැහැණු ටික විකුණගෙන කන උන්ට ඕක මහලොකු දෙයක්ද? මම නම් ඒ තරුණ ගැහැණු ළමයින්ගෙන් ඉල්ලන්ගේ කොහොම හරි පිටරටක තරුණයෙක් හොයා ගන්න. ලංකාවේ අපතයින්ගෙන් ඔයාලට වෙන කිසිම සෙතක් නැහැ. මෙවුන් පිංගුත්තර අපතයෝ..